වෙබ් ලිපිනය:

Wednesday, January 31, 2024

2023 වෙළඳ ගිණුම


පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම් 2010 වසරෙන් පසුව, දැකිය හැකි වූ කුඩාම වෙළඳ ශේෂ හිඟය වාර්තා කරමිනුයි.

ආනයන සීමා කිරීම් මධ්‍යයේ සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 4,900කට සීමා වී තිබෙනවා. වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ලෙස මීට වඩා වැඩි, එනම් ඩොලර් මිලියන 5,970ක, මුදලක් ලැබී තිබීම විශේෂත්වයක්. මීට අමතරව සේවා ගිණුමේද සැලකිය යුතු අතිරික්තයක් වාර්තා වී තිබිය යුතුයි. පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළ ගියා. 

2 comments:

  1. ඉකොනොමි, භාණ්ඩ අපනයන අඩුවීමට හේතුව ආනයන අඩුවීම, ලංකාවේ භාණ්ඩ අපනයන සහ ආනයන එකිනෙකට බැඳී පවතිනවා. විශේෂයෙන්ම බලශක්ති විදුලිය ඉන්ධන මිල ගණන් වගේ ජල බිල් වැඩිවීමත් සේවකයින්ගේ ආනයනික ආහාර පාන වල මිල වැඩි වීම නිසා සේවක වැටුප් වැඩිකිරීමට කියා උද්ඝෝෂණ නිසාත් ලංකාවේ අපනයන මූලික කර්මාන්ත ශාලා බංග්ලාදේශ වියට්නාම නැගෙනහිර අප්‍රිකා රටවල් සහ ඉන්දියා ඉන්දුනීසියානු වගේ කලාපීය රටවලට මූව් වෙන බවත් පෙනේ, එමෙන්ම ලංකාවේ
    අපනයන ක්ෂේත්‍රයට තිබූ බදු සහන අහෝසි වීම නිසා සහ බදු වැඩිවීම නිසාත් ලංකාවේ අපනයන කර්මාන්ත වැසී ගොස් විදේශීය රටවලට ඒවා මාරු කරන බව පේනවා.

    ලංකාවේ දැනටමත් බොහෝ කර්මාන්ත ශාලාවල සේවකයන් අධික ජීවන වියදම් ඉහළ යෑමත් සමඟ ඇතිවන ප්‍රශ්න නිසා වැටුප් වැඩිවීම් ඉල්ලා උද්ඝෝෂණ කරනවා

    අනික් අතට ලංකාවේ අපනයන ගැනුම්කරුවන් යුරෝපීය සංගමය බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයේ මාකට් එකට සම්බන්ධ නිසා යුරෝපීය ආර්ථික අර්බුදය නිසා සහ එක්සත් ජනපදයේ ප්‍රශ්න නිසා අපනයන ඉල්ලුම අඩුවීමත් මේකට බලපා තියෙනවා

    මේ වසරේ වැට් බදු වැඩිවීම ආනයනය වල තීරු බදු වැඩි වීම සහ රුපියලේ අගය දැඩි ලෙස විචල්‍ය වීම යුරෝපීය ආර්ථිකය තවත් බරපතල ලෙස අර්බුදකාරී තත්වයට පත් වීම සමග මීටත් වඩා ගොඩාක් සීරියස් විදියට රටේ අපනයන කර්මාන්ත වල ආදායම් අඩුවීමක් දක්නට පුළුවන් වෙයි, 2024 වසර තුලදී.

    ReplyDelete
  2. @ Econ

    The service exports for 2023 were around 3.1 billion dollars, refer to the EDB of SL. ඒක 2022 වගේ සේවා අංශය අඩපණ වී තිබූ වසරකට සාපේක්ෂව හොඳ වුණත් සේවා අංශයත්, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය හැර අනෙක් සේවා අපනයන කර්මාන්ත කඩාවැටීම දකින්න ලැබෙනව, අධික බදු සහ ආදායම් බදු නිසා දක්ෂ පුද්ගලයන් රැසක් රට හැරගිය බවයි පැවසෙන්නේ

    ලංකාවේ රජය සහ අයිඑම්එෆ් ෆෑන්ස්ලා පතුරවන ලොකුම මිත්‍යාව වෙන්න පුළුවන් අයිඑම්එෆ් යෝජනා/කොන්දේසි 'වෙළදපොළ හිතවාදී' බව.

    නමුත් Free market ගැන මූලික අවබෝධය ඇති අයෙකුට සෘජු බදු සහ වක්‍ර බදු වැඩිකිරීම වෙළදපොළ හිතවාදී නැහැ කියන එක තේරෙනවා. ප්‍රොපර්ටි ටැක්ස් පුද්ගලික දේපළ අයිතිය අ‍ධෛර්යමත් කිරීමක්. මහ බැංකු 'ස්වාධීන කිරීම' යනු මුල්‍ය වෙළදපොල 'මධ්‍යගතව පාලනය කිරීමට' මහ බැංකුවට ඇති බලය වැඩිකිරීමක්. මේවා සමාජවාදී හෝ ඊටත් වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප

    මේ වගෙම තමයි ඔය තවත් අයිඑම්එෆ් යෝජනාවක් වන "අස්වැසුම සහනාධාර වැඩපිළිවෙල " කියන නාස්තිකාර වියදම තවත් වැඩි කරන්නට හදන එකක් බවයි පේන්නෙ දැං කියවෙන සංඛ්‍යාලේඛන අගයන් බැලුවම.

    ඒ වාගේම අයිඑම්එෆ් නිර්දේශ මත ඉන්ධන සහ විදුලිය මත බදු වැඩිකර බලශක්ති මිල වැඩිකිරීම ආර්ථික සංකෝචනයට විශාල ලෙස බලපානව.

    මම හිතන්නේ මෙම මිත්‍යාව පැතිරෙන්න/පතුරවන්න ප්‍රධාන හේතුව වන IMF නිර්දේශය රාජ්‍ය ආයතන පුද්ගලිකරණය කිරීම කියන එක වුවත් 'වෙළදපොළ හිතවාදී' එකක් නොව.

    නිදහස් වෙළදපොල හිතවාදී වෙන්න නම් ඒ ක්ෂේත්‍රවල විවෘතව තරගයක් ඇතිවෙන්නට ඕන ඒකෙන්. එහෙම එකක් අයිඑම්එෆ් යෝජනාවලට කිසිසේත්ම අදාළ නැහැ. කොටින්ම ඒ පුද්ගලිකරණය කරන ක්ෂේත්‍රවල පුද්ගලික සමාගම්වල සහ/හෝ විදේශීය රාජ්‍ය සමාගම්වල මොනොපොලි සහ/හෝ ඔලිගපොලි ඇතිවීම කියන එක අයිඑම්එෆ් එකට කිසිම ප්‍රශ්නයක් හෝ අදාළත්වයක් නැති දෙයක් බවයි මට පේන්නේ

    අනිත් එක මීට කලින් රනිල් වික්‍රමසිංහ අගමැතිකම දැරූ යහපාලනය යටතේත් ලංකාව 16 වෙනි වතාවට අයිඑම්එෆ් ප්‍රෝග්‍රෑම් එකකට ගියා. එහිදි එක අනිවාර්ය කොන්දේසියක් වුණේ විනිමය අනුපාත පා කිරීම. ඒ අනුව ලංකාවෙ රුපියල 30-35%කින් පමණ අවප්‍රමාණ උනා. සුපුරුදු පරිදි ඩොලරය පාලනයකින් තොරව ඉහළ යද්දි 2018 සහ 2019 දීත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිවරයාගේ නියෝග මත ලංකාවේ මහ බැංකුව මැදිහත්වෙලා තමන්ගෙ ප්‍රතිපත්තිය රිවස් කරල නැවත ඒ ඉහළ අගයෙ විනිමය අනුපාත නියම කරන්න පටන් ගන්තා.

    මෙම නිරීක්ෂණ අනුව අපට තේරෙන්නේ ලංකාව වගේ දුර්වල කරන්සියක් තියෙන රටක මේක හොද ප්‍රතිපත්තියක් නොවන බවයි. මෙවැනි පසුබිමකදි වෙන්නෙ අපනයනකරුවන් තමන්ගෙ ඩොලර් පිටරටවල ගිණුම්වල තැන්පත් කිරීම වැඩිවීම. එයින් රට තුළ ඩොලර් හිගයක් නිර්මාණය වෙනවා.

    අනික් අතට රජය රුපියල්වලින් නිකුත් කරන බැදුම්කරවලට පොළි අනුපාත ඉහළ යාම වෙනවා. මෙය යහපාලනයෙ අගභාගයේම පටන් අරන් තිබ්බ දෙයක්. ඇත්තටම ඒ අවස්ථාවෙ එවැන්නක් කරන්න අවශ්‍යතාවයක් තිබ්බද කියන එක ප්‍රශ්නයක්. නමුත් අයිඑම්එෆ් නිර්දේශය වූයේ එයයි. ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ඊනියා ආතල් ආර්ථික විද්වතුන්ද ඒ ආණ්ඩුවේ සිටියා. සෝ කෝල්ඩ් වෘත්තිකයා ආචාර්ය කුමාරස්වාමි තමා මහ බැංකු අධිපති උනේ.

    රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවත යහපාලනය යුගය අවසන් වෙද්දි තිබ්බ සංචිත සාපේක්ෂව ඉහළ පොළියට කෙටි කාලීන ඩොලර් බැදුම්කර විශාල වශයෙන් නිකුත් කිරීමෙන් කෘත්‍රිම ලෙස හදපු ව්‍යාජ එකක්. ඒ වගේ මෝඩ තීරණ නිසා රටේ ජනතාවට ඒව ගෙවන්න තියෙනවා 2030 වෙනකං. ඇත්තටම ඒ සංචිත ප්‍රමාණයම තිබ්බ යහපාලනය පටන් ගනිද්දිත්.

    මොන ව්‍යාජ කතන්දර කියලා ජනතාව රවටන්නට හැදූවත් ඇත්තටම ලංකාවෙ තියෙන්නෙ මහ බැංකුව විසින් විනිමය අනුපාත ප්‍රකාශ කරන තත්වයක් (මේක වෙළදපොළ මූලධර්මයන්ට සම්පූර්ණයෙන්ම පටහැනියි ඇත්තටම. නමුත් අනෙක් අතට කරන්සි මාකට් එකත් මැනිපියුලේට් කරන්න පුළුවන් දෙයක්. මේක හොදටම පෙනුනා ගෝඨාභය පාලන යුගයේ අගභාගයේ සුළු පිරිසක් විසින් ඩොලරයෙ අගය කෘතිමව ඉහළ නැංවීමෙන්. ආණ්ඩු වෙනසත් එක්ක ඒක ඉබේම නතර උනා). මේ නිසාම මේ ගැන පුළුල් ලෙස සංවාදයක් ගොඩ නැගීම අවශ්‍යයි නේද?

    Sri Lanka's 2023 total exports amounts US $ 14.94 Billion only which has been even declined by 0.39% from challenging year of 2022 and even far below the original target of US $ 18.5 Billion as expected by the GoSL at the beginning of 2023. Experts expect that 2024 might be even worse than 2023 considering the global financial challenges and rising conflicts in the middle East and Ukraine.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: