පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්රජාතන්ත්රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා. ඒ කියන්නේ 1986 වන තුරු වියට්නාමයේ ව්‍යවසාය කියන්නේ රාජ්‍ය ව්‍යවසායම තමයි.
සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ මෙන්ම ඊට පෙර ඇතැම් වකවානු වලදීද ලංකාව මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් වෙත ටිකෙන් ටික විතැන් වුනත් ලංකාවේ වියට්නාමයේ මෙන් පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ පැත්තට ටිකෙන් ටික යද්දී රටේ මිනිස්සු ආණ්ඩුව මාරු කළා.
"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ රාජ්‍ය අංශය ලංකාවේ රාජ්‍ය අංශය හා සම කළ හැකි මට්ට්මක තිබුණු එකක් නෙමෙයි. ඒ වගේ තැනක ඉඳන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ පටන් ගෙන දශක ගණනක් ගියාට පසුවත් රටක සැලකිය යුතු රාජ්‍ය අංශයක් ඉතිරි වෙනවා. වියට්නාමයේ තරම් විශාල රාජ්‍ය අංශයක් කෙදිනක හෝ නොතිබුණු ලංකාවේ පවා තවමත් සැලකිය යුතු තරමේ විශාල රාජ්‍ය අංශයක් තියෙද්දී කලකට පෙර පූර්ණ රාජ්‍ය අංශයක් පැවති වියට්නාමයේ එය එසේ නොවෙන්න හේතුවක් නැහැනේ.
වැදගත් කරුණ වන්නේ කාලයක සිටම වියට්නාමය විසින් එරට රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරමින් සිටිනවා කියන එකයි. හැබැයි ඔවුන් එසේ කිරීමේදී "පෞද්ගලීකරණය" යන වචනය හැම විටම භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට වියට්නාමය වැඩිපුර භාවිතා කරන්නේ "කොටස්කරණය (equitisation)" යන වචනයයි. ඒක ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී "ප්‍රසස්තකරණය" යන වචනය භාවිතා කළා වගේ දෙයක්. "Equitisation" (වියට්නාම් භාෂාවෙන් Cổ phần hóa) යන වචනය "වියට්නාම් ඉංග්‍රීසි" වචනයක් සේ සැලකෙනවා.
අවශ්‍යනම් කෙනෙකුට කොටස්කරණය කියන්නේ පෞද්ගලීකරණය නෙමෙයි කියා තර්ක කරන්න පුළුවන්. එවැනි තර්ක වලට පිළිතුරු දීම සඳහා කාලය නාස්ති කරන්න අදහසක් නැහැ. නම මොකක් වුනත් වියට්නාමයේ වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය වල අයිතිය කොටස් කර එම කොටස් දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විකුණන එකයි.
වියට්නාමයේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පටන් ගත්තේ කෘෂිකාර්මික අංශයෙන්. එහිදී සමූහ ගොවිපොළ ක්‍රමය වෙනුවට පෞද්ගලික ඉඩම් අයිතිය ආදේශ වුනා. එම ප්‍රතිසංස්කරණය පමණක්ම වුනත් රටේ ආහාර ප්රශ්නය හා දරිද්‍රතා ප්රශ්නය බොහෝ දුරට විසඳුවා.
පෙර ලිපියේ සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, වියට්නාමයේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විශාල වෙනස්කම් තිබෙනවා. 2009දී පළ කළ එක්තරා පර්යේෂණ පත්‍රිකාවකට අනුව [1], කිසියම් පළාතක ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණයේ ඝනත්වය වැඩි වන තරමට එම ප්‍රදේශයේ ඒක පුද්ගල ආදායම අඩුයි. එය සිදු වන යාන්ත්‍රනයද එම පර්යේෂණ පත්‍රිකාවේ විස්තර කරනවා.
[1] Van Thang, N., and N. Freeman, 2009, “State-Owned Enterprises in Vietnam: Are They ‘Crowing Out’ the Private Sector?” Post-Communist Economies, Vol. 21, pp. 227–247.
කිසියම් පළාතක රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය වැඩි තරමට එම රාජ්‍ය ව්‍යවසාය සඳහා රජයෙන් ලැබෙන වැඩි ප්‍රමුඛතාවය නිසා පෞද්ගලික ව්‍යවසාය වලට කුඩම්මාගේ සැලකිලි ලැබීමේ ප්‍රවණතාවද වැඩියි. උදාහරණයක් ලෙස එවැනි පළාත් වල පෞද්ගලික ආයෝජකයෙකුට බැංකු ණයක් ලබා ගැනීම වඩා අසීරුයි. ඒ නිසා, එවැනි පළාත් වල පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාකාරිත්වය අඩුයි. පෞද්ගලික ව්‍යවසාය වල දායකත්වය අඩු නිසා ආර්ථික ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවයද අඩුයි. ඒ නිසා, ඒක පුද්ගල ආදායමද අඩුයි.
කෙසේ වුවත්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වියට්නාමය පවා මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පෞද්ගලික අංශය වෙත විතැන් කරමින් සිටිනවා. පහත සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව දැකිය හැකි පරිදි වියට්නාම් දදේනිය තුළ ඇති රාජ්‍ය භාගය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වෙනවා.
Year |
State share of GDP (%) |
2005 |
37.62 |
2006 |
36.69 |
2007 |
35.35 |
2008 |
35.07 |
2009 |
34.72 |
2010 |
24.18 |
2011 |
23.59 |
2012 |
23.56 |
2013 |
23.30 |
2014 |
23.08 |
2015 |
22.84 |
2016 |
22.78 |
2017 |
22.31 |
2018 |
21.34 |
2019 |
20.59 |
2020 |
20.67 |
2021 |
20.81 |
2022 |
20.53 |
"දදේනිය තුළ ඇති රාජ්‍ය භාගය" හා "ව්‍යවසාය හිමිකාරිත්වයේ සංයුතිය" ලංකාවේ අගයයන් සැසදීම සඳහා ඉදිරිපත් කලහැකිද?
ReplyDeleteලංකාවේ සංඛ්‍යාලේඛණ වල මේ ආකාරයෙන් වෙන් කර පෙන්වන්නේ නැහැ. නමුත් ලංකාවේ රාජ්‍ය අංශය වඩා කුඩා විය යුතුයි.
Deleteහඳුන්වා දෙන්න යන දේපල බද්ද මොකක්ද? ඒ ගැන විස්තරයක් කරන්න.
ReplyDeleteකොහේ කොහොම කෙරුණත් වැඩ යස රඟට
ReplyDeleteමෙහෙ එහෙම නැත - හරි යන්නේ 'ලෙසට'
ලාඩම් ගසා ඇති හින්දා රුවිතේට
අපේ ගොනුන් යන්නෙම අඩමානේට!
ඔය රටේ මිනිස්සු කරෝල කන්නෙ කොහොමද?
ReplyDeleteව්‍යාපාරික වැඩකට අදහසක් ගන්න පිණිස,