වෙබ් ලිපිනය:

Saturday, August 17, 2024

බංග්ලාදේශයේ මුජිබ්වාදය හා මුජිබ්වාදය කඩා වැටීම


සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් පසුපස කිසියම් දර්ශනයක් තිබෙනවා. 1971 බංග්ලාදේශ ජාතික විමුක්ති අරගලයේ දේශපාලන දර්ශනයේ අරටුව වූයේ මුජිබ්වාදයයි. මුජිබ්වාදය ලෙස පසුව නාමකරණය වූයේ මුජිබුර් රහ්මන්ගේ දේශපාලන දර්ශනයයි. බංග්ලාදේශ අවාමි ලීගයේ දේශපාලන දර්ශනය වූයේද මුජිබ්වාදයයි. 

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි මුජිබ්වාදය ගොඩ නැගී තිබුණේ කුළුණු හතරක් මතයි. ඒ, ජාතිකවාදය, අනාගමික රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදයයි. නූතන බංග්ලාදේශ රාජ්‍යයේ පදනම වූයේද මෙම කුළුණු හතරයි. එනම් මුජිබ්වාදයයි. බංග්ලාදේශ රාජ්‍ය ලාංචනයේ ඇති තරු හතරෙන් සංකේතවත් වන්නේ මුජිබ්වාදයේ මෙම එම කුළුණු හතරයි. 

බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ ප්‍රබල නිදහස් සටනක් කාලයක් පැවතුණත්, ඉන්දියාව හා පකිස්ථානය නිදහස ලැබුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ යුද්ධයක් කර එය ජයගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නෙමෙයි. තාක්ෂනික ලෙස සැලකුවහොත්, හයවන ජෝජ් රජුගේ "අනුකම්පාව" මත පදනම්වයි. ලංකාවට වැඩි මහන්සියක් නැතිවම මේ "අනුකම්පාව" හිමිවෙනවා. ඉන් පසුව, මේ රටවල් ඩොමිනියන් තත්ත්වයෙන් ඉවත් වී ජනරජ බවට පත් වෙද්දී බ්‍රිතාන්‍යය එය සහ පහකට ගණන් නොගන්නේ ඒ වන විට බ්‍රිතාන්‍යය විසින් මේ රටවල් අත හැර දමා අවසන් නිසා. 

එහෙත්, බංග්ලාදේශය පකිස්ථානයෙන් ඉවත්ව ජනරජයක් බවට පත් වන්නේ විමුක්ති යුද්ධයක් කර ජයගැනීමෙන් පසුවයි. ඒ කියන්නේ රටේ දේශපාලන බලය තිබෙන්නේ "ජනතාව" සතුව බව ප්‍රායෝගිකව තහවුරු කිරීමෙන් පසුවයි. කලකට පෙර ඇමරිකාව වැනි රටවලද මෙවැනි විමුක්ති අරගල සිදු වී තිබුණත්, මේ කාලය ආසන්නයේ ලෝකයේ සිදු වූ මෙවැනි අරගල බොහොමයක මාක්ස්වාදී මුසුවක් දැකිය හැකි වුනා. එහෙත්, බංග්ලාදේශයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. 

මුජිබ්වාදයේ එක් කුලුනක් සමාජවාදය වුවත්, එය මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදයක් නෙමෙයි. බොහෝ දුරට බටහිර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු වූවක්. එහෙත්, ඊට වඩා තරමක් දුරට මාක්ස්-ලෙනින්වාදී නැඹුරුවක් තිබුණු එකක්. එහි අනාගමික රාජ්‍ය සංකල්පය වඩා කිට්ටු වූයේද බටහිර ආකෘතියටයි. රජය ආගමෙන් ඉවත් වීමක් මිසක් සමාජවාදී රටවල මෙන් ආගම් විරෝධයක් මුජිබ්වාදය තුළ තිබුණේ නැහැ. එමෙන්ම මුජිබුර් රහ්මන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද සමාජවාදී රටවල පැවති ආකාරයේ ඒකාධිපතිත්වයක් නොවුනත්, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් සේ නොසැලකිය හැකි, යම් දුරකට ඒකාධිපති ලක්ෂණ තිබුණු, එහෙත් සමාජවාදී ලෝකයේ එවකට පැවති ප්‍රජාත්නත්‍රවාදය පිළිබඳ අදහස් වලටද යම් සමීපත්වයක් දැක්වූ, "බංග්ලාදේශ පන්නයේ" ප්‍රජාතන්ත්‍රවාදයක්.

කෙසේ වුවත්, මුජිබුර් රහ්මන් හා අවාමි ලීගය වටා මහා පරිමාණයෙන් ජනතාව පෙළ ගැසීමට ඉහත සඳහන් අනාගමික රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යන කුළුණු තුන එතරම් බලපෑමක් කළේ නැහැ. එහිදී වැදගත් වූයේ ජාතිකත්වය යන කුළුන පමණයි. විවිධ දේශපාලන මතවාද වල සිටි පිරිස් එක්රැස් කළේ බෙංගාලි භාෂාව මත පදනම් වූ බංගලි ජාතිකවාදයයි.

මේ අනුව, බෙංගාලි භාෂාව නිදහස් බංග්ලාදේශයේ එකම ජාතික භාෂාව බවට පත් වෙනවා. රටෙන් 99%කට වඩා වැඩි පිරිසකගේ මවු බස බෙංගාලි භාෂාව බැවින් එහි ප්‍රශ්නකාරී තත්ත්වයක් නැහැ. මේ අතින් නිදහස් ලංකාවේ පැවති තත්ත්වය සමාන කළ හැක්කේ ඒකාබද්ධ පකිස්ථානයේ තත්ත්වයට මිසක් බංග්ලාදේශයේ තත්ත්වයට නෙමෙයි. 

මුජිබ්වාදයෙහි ජාතිකවත්ව කුළුන ඉතාම ශක්තිමත් කුලුනක්. ඒ නිසා ඉතිරි කුළුණු තුන ගොඩ නැගෙන්නේ ජාතිකවත්ව කුළුනෙහි වාරුව අරගනිමිනුයි. මුජිබ්වාදයෙහි සමාජවාදය ප්‍රකාශිත ලෙසම බංග්ලාදේශ සමාජවාදයක්. ප්‍රකාශිත ලෙසම නොවුනත්, එහි ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගමික රාජ්‍ය කුළුණුද බංග්ලාදේශයට "ගැලපෙන" සේ සකස් කරගත් සංකල්පයි. මේ "ගැලපීම" සිදු වන්නේ කෙසේද?

දේශපාලනයේදී වැදගත්ම සාධකය බලයයි. මුජිබුර් රහ්මන්ට හා අවාමි ලීගයට අදාළවද මේ තත්ත්වයෙහි කිසිම වෙනසක් නැහැ. අවාමි ලීගයට හා එහි නායක මුජිබුර් රහ්මන්ට අවශ්‍ය වන්නේ යුද්ධයක් කර, ජීවිත විශාල ගණනක් අහිමි කරගෙන, ලබාගත් බලය රැකගෙන හැකි තරම් කාලයක් පවත්වා ගෙන යාමයි.

බෙංගාලි ජාතිකවත්වය මත පදනම්ව පකිස්තානු ආධිපත්‍යයට එරෙහිව අවාමි ලීගය වඩා එක්රැස් වන විශාල පිරිස අතර පැවති අනෙකුත් විවිධ දේශපාලන මතවාද අතර ගැටුම් විමුක්ති අරගල කාලය තුළ යටපත් වී පැවතියත් යුද්ධය ජයගෙන නූතන බංග්ලාදේශ රාජ්‍යයක් හදන එක ගැන හිතද්දී ඒවා එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. අවාමි ලීගයට එම ගැටුම් අවම කරගෙන තමන් වටා සිටින පිරිස් දිගටම රඳවා ගත හැක්කේ මේ මතවාද අතර මධ්‍යස්ථ තැනක් තමන්ගේ ස්ථාවරය කර ගැනීමෙනුයි. මුජිබ්වාදය තුළ සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගමික රාජ්‍යය යන සංකල්ප ස්ථානගත වන්නේ මේ අරමුණ හා ගැලපෙන ආකාරයටයි.

බංග්ලාදේශ නිදහස් අරගලයට පෙර පැවති 1970 පකිස්ථානු මහ මැතිවරණයේදී අවාමි ලීගය විසින් නැගෙනහිර පකිස්ථානයේ ආසන 162කින් 160කම බහුතර ඡන්දය ලබා ගන්නා නමුත් නැගෙනහිර පකිස්ථාන කොටසේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් ඔවුන් ලබා ගන්නා ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණයි. ඒකාබද්ධ පකිස්ථානයේ ජාතික පක්ෂ විසින්ද නැගෙනහිර පකිස්ථාන කොටසේ ඡන්ද වලින් 25%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නවා. මෙම ඡන්ද වලින් වැඩි කොටසක් ලබා ගන්නේ ජමාත්-ඉ-ඉස්ලාම් වැනි ආගමික පක්ෂයි. එවැනි පක්ෂ දිගටම මෙන් පෙනී සිටියේ නිදහස් අරගලයට එරෙහිව ඒකාබද්ධ පකිස්ථානයක් වෙනුවෙනුයි.

නිදහස් අරගල සමයේදී ජමාත්-ඉ-ඉස්ලාම් වැනි ආගමික පක්ෂ වල ක්‍රියාකාරීන් පකිස්ථාන හමුදා හා එක්ව නිල නොවන හමුදා ලෙස කටයුතු කරමින් නිදහස් අරගලකරුවන් මර්දනය කිරීමට පකිස්ථානයට සහාය දෙනවා.  රාජකාර් හමුදාවට බැඳුනු බොහෝ දෙනෙකු ඉස්ලාම් ශරීයා නීතිය මත පදනම් වූ මුස්ලීම් රාජ්‍යයක් සඳහා කැමැත්තක් දැක්වූ සහ දැඩි ඉන්දීය විරෝධයක් තිබුණු පිරිසක්. නිදහස් බංග්ලාදේශයේ අනාගමික රාජ්‍ය සංකල්පය අනුව රට තුළ ආගමික හෝ වාර්ගික පදනමක් ඇති දේශපාලන පක්ෂ තහනම් කෙරෙනවා. ඒ අනුව, විශාල පරතරයක් සහිතව වුවත්, අවසන් වරට පැවති මැතිවරණයේදී දෙවන වැඩිම ඡන්ද ලබාගත් ජමාත්-ඉ-ඉස්ලාම් බංග්ලාදේශය තුළ තහනම් වෙනවා. එහි ප්‍රධාන ක්‍රියාකාරීන් රටෙන් පලා යනවා. 

මේ අනුව, ආගමික පදනමක් තිබුණු, ඒකාබද්ධ පකිස්ථානයේ කොටස් දෙකේම යම් ජන පදනමක් තිබුණු, මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවකට බංග්ලාදේශය තුළ ඉඩක් නැති වෙනවා. ඉස්ලාම් ආගමික දේශපාලනයට මතු වීමට ඉඩක් නැති වෙනවා. නමුත් ඉස්ලාම් අන්තවාදය ඇතුළු ඉස්ලාම් ආගමික දේශපාලනය අළු යට ගිණිපුපුරු ලෙස බංග්ලාදේශය තුළ තවදුරටත් ඉතිරි වෙනවා. මුජිබ්වාදයට එරෙහි එක් ප්‍රධාන කණ්ඩායමක් වන්නේ මේ පිරිසයි. එවකට ඇමරිකා කඳවුරේ සිටි පකිස්ථානය සමඟ වූ සම්බන්ධය හා ආගමිකත්වය නිසා වාමාංශික කඳවුර මෙන්ම අවාමි ලීගය විසින්ද ඔවුන්ව පොදුවේ ලේබල් කරන්නේ දක්ෂිණාංශික අන්තවාදීන් ලෙසයි.

මුජිබ්වාදයට එරෙහි දක්ෂිණාංශික විරෝධයට ප්‍රධාන හේතුවක් වන්නේ එහි අනාගමික රාජ්‍ය සංකල්පයයි. ඔවුන් විසින් එය දකින්නේ සහ හුවා දක්වන්නේ ආගම් විරෝධයක් හා ආගම් මර්දනයක් ලෙසයි. ඒ අනුව, ඔවුන් මුජිබ්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රශ්න කරනවා. ඒ මුජිබ්වාදය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන්නේය යන පැත්තෙන්. මීට අමතරව, බංගලි ජාතිකවාදය ඔවුන් දකින්නේ ඉන්දියානු අධිරාජ්‍යවාදයකට යටවීමක් ලෙසයි. 

අනෙක් පැත්තෙන් මුජිබ්වාදයට එරෙහිව ඉදිරියට එන ප්‍රධාන කණ්ඩායම් වන්නේ මාක්ස්වාදීන්. මේ වෙද්දී ලෝකයේ අනෙක් රටවල වගේම බංග්ලාදේශයේද මාක්ස්වාදීන් චීන හා රුසියානු කඳවුරු වශයෙන් පිල් බෙදිලා. ලෝක දේශපාලනය තුළ පකිස්ථානය ඇමරිකා-චීන කඳවුරේ සහ රුසියාව ඉන්දියාව සමඟත් සිටීමත්, අවාමි ලීගය ඉන්දියානු හිතවාදී වීමත් නිසා, ප්‍රතිවිරෝධතා සමඟ වුවත්, රුසියානු කඳවුරේ මාක්ස්වාදීන් අවාමී ලීගයට වක්‍ර සහයෝගයක් ලබා දෙනවා. එහෙත්, චීන පිලෙන් සෘජු හෝ වක්‍ර සහයෝගයක් ලැබෙන්නේ නැහැ. චීන පිල හා රුසියන් පිල කියා කිවුවත් මේ පිල් දෙකේම කුඩා පක්ෂ හා සංවිධාන ගණනාවක් තිබෙනවා. මුස්ලිම් පක්ෂ හා සංවිධාන වුනත් එහෙමයි.

බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනය මුල සිටම, ඒ කියන්නේ බංග්ලාදේශය හැදෙන්නටත් පෙර සිටම, ඉතාම ප්‍රබල, සංවිධානාත්මක හා ජාතික දේශපාලනයට බලපෑම් කළ හැකි එකක්. ඒ වගේම, බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනය ආයුධ සන්නද්ධ දේශපාලනයක් කියා කියන්නත් පුළුවන්. ලංකාවේ සරසවි සිසුන්ගෙන් සමහරෙක් 1971දී හා 1988/89 කාලයේදී දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී ආයුධ අතට ගත්තත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කවදාවත් ආයුධ සන්නද්ධ වී නැහැ. 

මුජිබුර් රහ්මන්ගේ දේශපාලනයේ මුල් තියෙන්නෙත් ශිෂ්‍ය දේශපාලනය ඇතුළේ, අනෙක් පැත්තෙන් බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනයේ මුල් ඇදෙන්න පටන් ගන්නේ මුජිබුර් රහ්මන් විසින් 1948දී ස්ථාපනය කළ බංග්ලාදේශ ඡත්ර ලීගයෙන්. පසුව අවාමී ලීගයේ ශිෂ්‍ය අංශය බවට පත් වෙන්නේ මේ බංග්ලාදේශ ඡත්ර ලීගය. මෙය දැනටත් ඉතාම සක්‍රිය සංවිධානයක්. 

මුජිබ්වාදයේ සාධනීයම අංගයක් සේ සැලකිය හැක්කේ එවක පැවති ලෝක දේශපාලනය තුළ බැහැර කළ නොහැක්කක් වූ සමාජවාදය මූලික කුළුණක් සේ යොදාගන්නා අතරම එය අන්තවාදයක් කරා තල්ලු නොකරමින් හදන සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර මිශ්‍රණය. නමුත් මාක්ස්වාදීන්ට මුජිබ්වාදයේ සමාජවාදී කොටස ප්‍රමාණවත් වන්නේ නැහැ. විවේචනය දරුණුවටම එන්නේ චීන කඳවුරෙන්. 

බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ චීන පිල, බංග්ලා ශිෂ්‍ය සංගමය, හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල මුජිබුර් රහ්මන්ගේ ව්‍යවස්ථාව එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මෙම ව්‍යවස්ථාව සමාජවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි. ඔවුන්ගේ එක් ප්‍රධාන විවේචනයක් වන්නේ ව්‍යවස්ථාව මගින් රටේ සියල්ලන්ටම ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය හා සෞඛ්‍යය ලබා දීම සහතික කරමින් ඒවා මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන නැති බවයි. දෙවන ප්‍රධාන විවේචනය වන්නේ මෙමගින් බංග්ලාදේශයේ ඇති විදේශ වත්කම් ජනසතු කිරීමක් සිදු නොකෙරෙන බව හා එමගින් තවදුරටත් වැඩවසම් ක්‍රමය හා අධිරාජ්‍යවාදය නඩත්තු කෙරෙන බවයි. 

අවාමි ලීගයේ ශිෂ්‍ය අංශය වූ ඡත්ර ලීගයෙන් කැඩීගිය කණ්ඩායමක් මුල් වී හදන ජාතික සමාජවාදී පක්ෂය (ජාතීයො සමාජතන්ත්‍රික් දාල්) විසින් ගන්නා ස්ථාවරය වන්නේද මෙම ව්‍යවස්ථාව පිළිගත නොහැකි බවයි. ඔවුන්ගේ අදහස අනුව, මෙම ව්‍යවස්ථාව මගින් පංති-ගැටුම පිළිනොගන්නා අතර, පාර්ලිමේන්තු ක්‍රමයක් හරහා සමාජවාදය ඇති කිරීම පිළිබඳව ඔවුන් විශ්වාසය තබන්නේ නැහැ. මීට කිට්ටු ස්ථාවරයක සිටින ගොවි කම්කරු සමාජවාදී පක්ෂයේ විවේචනය ප්‍රධාන වශයෙන් එල්ල වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි කිරීම හෝ දැඩි ලෙස සීමා කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා නොතිබීම පිළිබඳවයි.

කෙසේ වුවත්, බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ රුසියානු පිල, බංග්ලාදේශ ශිෂ්‍ය සංගමය, හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ රුසියානු පිල විසින් දක්වන්නේ නාමික විරෝධයක් පමණයි. ඔවුන් රාජ්‍යය හා ආගම වෙන් කිරීම පිළිබඳව ව්‍යවස්ථාදායක කමිටුවට ප්‍රශංසා කරනවා.

පොදුවේ ගත් විට මේ සමාජවාදී පක්ෂ හා කණ්ඩායම් වල විවේචනය මුජිබුර් රහ්මන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රමාණවත් සමාජවාදයක් නොමැති වීම පිළිබඳවයි. මුජිබ්වාදයට එරෙහිව දක්ෂිනාංශික විරෝධයක් ලොකුවට මතු වන්නේ නැහැ. අවාමි ලීගයේ හා ව්‍යවස්ථාදායක සභාවේ කිහිප දෙනෙකු විසින් පමණක් වඩා දක්ෂිණාංශික බංග්ලාදේශයක් වෙනුවෙන් පෙනී සිට ඇතත් ඔවුන්ගේ අදහස් පහසුවෙන්ම යටපත් වෙනවා. 

නිදහස් බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණයෙන් අවාමි ලීගයට වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 73.2%ක් හිමි වෙනවා. මෙය ජනතාව විසින් බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව මෙන්ම මුජිබ්වාදයද අනුමත කිරීමක් සේ සැලකිය හැකියි. ආගමික පක්ෂ වලට ඉඩක් නොතිබුණු මෙම මැතිවරණයේදී ඉතිරි ඡන්ද බෙදී යන්නේ සෘජු ලෙසම මාක්ස්වාදය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ ගණනාවක් අතරයි. අනාගමික රාජ්‍ය සංකල්පය සඳහා ඒ වෙද්දී බංග්ලාදේශයේ විශාල ජන අනුමැතියක් තිබෙනවා. 

පළමු මහ මැතිවරණයෙන් අවාමි ලීගයට වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 73.2%ක් හිමි වෙද්දී එම පක්ෂය සමඟ යම් සහයෝගයකින් කටයුතු කරන බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ රුසියානු පිල තවත් 8.3%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ජාතික සමාජවාදී පක්ෂය විසින් මෙම මැතිවරණයේදී ලබා ගන්නේ 6.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වුවත් දිගින් දිගටම සිදු කරන ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් හරහා මුජිබර් රහ්මාන්ගේ ආණ්ඩුවට හිසරදයක්වීමට එම පක්ෂය සමත් වෙනවා. බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ චීන පිලද ආණ්ඩුවට මෙවැනිම හිසරදයක් වෙනවා. 

අරගල වලින් බලය ලබා ගෙන පිහිටුවන ආණ්ඩු වලට මෙන්ම මැතිවරණ වලින් විශාල බලයක් ලබාගෙන හදා ගන්නා ආණ්ඩු වලටද හැදෙන සාමාන්‍ය "රෝගයක්" වන්නේ කවර ආකාරයකින් හෝ දිගටම බලයේ සිටීමට උවමනාවක් ඇති වීමයි. මේ රෝගය ඉතා ඉක්මණින්ම මුජිබර් රහ්මාන්ටත් හැදෙනවා. ඒ අනුව සහ ජාතික සමාජවාදී පක්ෂයේ සහ ජාතික අවාමි පක්ෂයේ චීන පිලේ අඛණ්ඩ විරෝධතා හමුවේ මුජිබර් රහ්මාන්ගේ ආණ්ඩුව විසින් 1975දී රටේ සියලුම දේශපාලන පක්ෂ තහනම් කරනවා. එය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින්. පාර්ලිමේන්තු ආසන සියල්ලම මෙන් තිබෙන්නේ අවාමි ලීගය සතුව නිසා මෙය එතරම් අසීරු කටයුත්තක් වන්නේ නැහැ. මේ අනුව අවාමි ලීගයද ඇතුළු රටේ සියලුම දේශපාලන පක්ෂ නිල වශයෙන් අහෝසි වෙනවා. 

ඉන් පසුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මුජිබර් රහ්මාන් විසින් පාර්ලිමේන්තු ක්‍රමයද වෙනස් කරනවා. රටේ විධායකය අගමැති වෙනුවට ජනාධිපති බවට පත් වෙනවා. ව්‍යවස්ථාව මගින් ජනාධිපති බලතල අඩු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් බව ආණ්ඩු විරෝධී වාමාංශික පක්ෂ විසින් කර තිබුණු විවේචනයක්.  මුජිබර් රහ්මාන් අගමැතිකමින් ඉල්ලා අස්වී විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. මාස අටකට පසු ඔහු ඝාතනය වන්නේ විධායක ජනාධිපති ලෙසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් බංග්ලාදේශයට තනි පක්ෂ ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ අනුව, මැතිවරණ දිගටම පැවැත්වෙන නමුත් එම මැතිවරණ සඳහා ඉදිරිපත් විය හැක්කේ බාක්සාල් ලෙස කෙටියෙන් හැඳින්වෙන බංග්ලාදේශ ගොවි කම්කරු අවාමි ලීගයේ සාමාජිකයින්ට පමණයි. මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය සමඟ ජාතික අවාමි පක්ෂයේ හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ රුසියානු හිතවාදී කණ්ඩායම් බාක්සාල් සාමාජිකත්වය ලබා ගන්නා නමුත් ජාතික සමාජවාදී පක්ෂය ඇතුළු චීන හිතවාදී වාමාංශික පක්ෂ බාක්සාල් සාමාජිකත්වය ලබා ගන්නේ නැහැ. 

අද සම්මතයන් අනුව බැලුවහොත් මෙහිදී සිදුව තිබෙන්නේ මුජිබ්වාදය ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයක් වෙත තල්ලු වීමක්. එහෙත්, එවකට ලෝක දේශපාලනය තුළ ප්‍රබල තැනක සිටි සමාජවාදී කඳවුරේ සම්මතයන් අනුව ප්‍රජාතන්ත්‍රවාදයට තිබුනේ වෙනම අර්ථකතනයක්. අද අප දන්නා අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පගත වූයේ ධනවාදී බටහිර ලෝකය තුළ පමණයි. චීන, රුසියන් කඳවුරු භේදයක් නැතිව, සමාජවාදී ලෝකයේ සම්මතය වූයේ තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. එම කඳවුර විසින් එය ඒකාධිපතිත්වයක් සේ සැලකුවේ හෝ හඳුනා ගත්තේ නැහැ. 

මේ අනුව බංග්ලාදේශයේ හතරවන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ මුජිබ්වාදය තව දුරටත් සමාජවාදී අන්තය වෙත තල්ලු වීමක්. එහි එක් අරමුණක් වූයේ විපක්ෂයේ ආණ්ඩු විරෝධී තර්ක වල වලංගු භාවය නිශේධනය කිරීමයි. දෙවැන්න අවාමි ලීගයේ හා මුජිබුර් රහ්මන්ගේ බලය තව දුරටත් තහවුරු කර ගැනීමයි. මෙම සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකයේ බලතල කප්පාදු කිරීමට අමතරව අධිකරණයේ බලතලද කප්පාදු කෙරෙන අතර විධායකය වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදු වෙනවා. 

කෙසේ වුවත්, වැඩි කලක් යන්නට මත්තෙන්, මුජිබර් රහමන් ඝාතනය වන්නේ බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව මෙන්ම මුජිබ්වාදයද පැත්තකට තල්ලු කරමිනුයි. මෙම ඝාතනය පසුපස ඛොන්දකාර් මොෂ්ටක් අහමඩ්ගේ හස්තය ඇතැයි සැලකෙනවා. මුජිබර් රහමන් ඝාතනයෙන් පසුව ආණ්ඩුව අතට ගන්නේ ඛොන්දකාර් මොෂ්ටක් අහමඩ් විසිනුයි. ඒ වන විට ඔහු මුජිබුර් රහ්මන්ගේ අමාත්‍ය මණ්ඩලයේ වාණිජ ඇමති ධුරය දරනවා. ඊට අමතරව ඔහු බාක්සාල්හි විධායක කමිටුවේ හා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා. එහෙත්, මුජිබුර් රහ්මන්ගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුසුකම් ඇති පළමු පුද්ගලයා ඛොන්දකාර් අහමඩ් නෙමෙයි.

තමන් බංග්ලාදේශයේ විධායක ජනාධිපති බව ප්‍රකාශයට පත් කරන ඛොන්දකාර් අහමඩ් විසින් හමුදා කොටස් වල සහයෝගය ඇතිව බලය තහවුරු කරගන්නේ අවාමි ලීගයේ ඉදිරිපෙළ නායකයින් සිවු දෙනෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයින් සිය ගණනක් සිරගත කරමිනුයි. එම නායකයින් සිවු දෙනා අතරින් සයිද් නස්රුල් ඉස්ලාම් යනු මුජිබුර් රහ්මන් රජයේ උප ජනාධිපති ලෙස කටයුතු කර ඇති පුද්ගලයෙක්. තාජුදීන් අහමඩ් බංග්ලාදේශයේ පළමු අගමැති. කර්මාන්ත ඇමති කමාරුස්සමාන් අවාමි ලීගයේ සභාපති ධුරය දැරූ අයෙක්. මන්සූර් අලිද අගමැති ධුරය දැරූ අයෙක්. මුජිබුර් රහ්මන්ව ඝාතනය කිරීමෙන් අනතුරුව අවාමි ලීගයේ මේ ඉදිරි පෙළ නායකයින් සිවු දෙනාම සිරගත කෙරෙනවා. ඒ ඔවුන් ඛොන්දකාර් විසින් පිහිටුවන ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා කෙරෙන ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. 

මීට සමාන්තරව ඛොන්දකාර් විසින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාවම ඉවත් කරනවා. මේ අවස්ථාවේදී නියෝජ්‍ය හමුදාපති තනතුරේ සිටි බෙගම් ඛලිඩා සියාගේ සැමියා වූ සියා රහ්මන්ට හමුදාපති ධුරය හිමි වෙනවා. මුජිබර් රහ්මන් ඝාතනයට සම්බන්ධ වූ කණ්ඩායමට ඛොන්දකාර්ගෙන් ජනාධිපති මුක්තිය හිමි වෙනවා.

ඛොන්දකාර් විසින් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව හමුදා වලට අණ දීමේ බලය ජනාධිපති මන්දිරයේ සිටින, ඛොන්දකාර් අහමඩ්ට හිතවත් කනිෂ්ඨ නිලධාරීන් අතට යනවා. මේ ගැන බංග්ලාදේශ නිදහස් සටන මෙහෙයවූ සේනාධිනායකයෙකු වූ මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කණස්සල්ලට පත් වෙනවා. ඔහු සියා රහ්මන් සමඟද සාකච්ඡා කර හමුදාව මුල් වී ඛොන්දකාර් ඇතුළු පිරිස ඉවත් කළ යුතුය යන නිගමනයට එනවා. සියා රහ්මන් විසින්ද පවතින තත්ත්වය ගැන ඔහුගේ කණස්සල්ල පළ කළත්, ඒ අවස්ථාවේදී ඛොන්දකාර්ව ඉවත් කිරීමට එකඟ වෙන්නේ නැහැ.

ඛොන්දකාර්ට තව දුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නැති බව තේරුම් ගන්නා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් තනතුරෙන් ඉවත්ව පණ බේරාගෙන රටින් පිටව යාමට ඔහුව පොළඹවා ගන්නවා. එහෙත් ඔවුන් බලය අත හැර යන්නේ යන යකා කොරහත් බිඳගෙන යන ක්‍රමයටයි. සිරගත කර දෙමසකට පසුව, ඒ වන විට සිරගතව සිටි අවාමි ලීගයේ ඉදිරිපෙළ නායකයින් සිවු දෙනාවම බන්ධනාගාරය තුළදී ඝාතනය කෙරෙනවා. 

ඒ මේ අවස්ථාවේදී බංග්ලාදේශ මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් විසින් හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා. ඉන් පසුව, සියා රහ්මන්ව හමුදාපති ධුරයෙන් ඉවත් කර ඔහුව නිවාස අඩස්සියට පත් කරනවා.

ඛාලිඩ් මොෂරාෆ්ගේ හමුදා ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ දින හතරක් පමණයි. අවාමි ලීගයට විරුද්ධ දේශපාලනයක යෙදුනු ජාතික සමාජවාදී පක්ෂයට සම්බන්ධ හමුදා ඛණ්ඩයක් විසින් සියා රහ්මන්ව මුදා ගැනෙන අතර, ඛාලිඩ් මොෂරාෆ්ව ඝාතනය කෙරෙනවා. මාස තුනකට අඩු කාලයක් ඇතුළත සිදු වන මේ බල පෙරලි සියල්ලෙන් පසුව සියා රහ්මන් විසින් හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා.

නිදහස් අරගලයේ සේනාධිපතියෙකු වූ සියා රහ්මන්ටද එහි උරුමයක් තිබෙනවා. මුජිබුර් රහ්මන් වෙනුවෙන් ගුවන් විදුලියෙන් බංග්ලාදේශ ස්වාධීනත්වය නිවේදනය කරන්නේ ඔහුයි. කෙසේ වුවත්, බහුතර අවාමි ලීග සාමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීමට සියා රහ්මන් සමත් වන්නේ නැහැ.

මේ හේතුව නිසා සියා රහ්මන්ට එකතු කර ගන්නට වෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් කණ්ඩායම් දෙකක්. ඒ අවාමි ලීගයට විරුද්ධ මුස්ලිම් අන්තවාදීන් හා වාමාංශික අන්තවාදීන්. මේ අනුව, බහු පක්ෂ ක්‍රමය නැවතත් ස්ථාපනය කෙරෙන අතර මුස්ලිම් පක්ෂ වලටද දේශපාලනය කිරීමට අවස්ථාව ලැබෙනවා. හමුදා පාලනය යටතේ ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අත් හිටවෙන අතර බංග්ලාදේශය තව දුරටත් අනාගමික රාජ්‍යයක් වන්නේ නැහැ.

මතු සම්බන්ධයි. 

13 comments:

  1. ඉකොනො,

    මම හිතන්නේ බංගලාදේශය පත්වූ තත්වයෙන් ලංකාව බේරාගැනීමට ලංකාවේ අරගලයෙන් පසුව ක්‍රියාත්මක වූ සැබෑ විපක්ෂය වන ජාතික ජන බලවේගයේ බුද්ධිමත් හැසිරීම හේතු වූ බවයි.

    ඒ නිසා එය තේරුම්ගෙන ඉකොනොමැට්ටා වන ඔබ ප්‍රමුඛ මේ බ්ලොග් එක බලන සියලුම පාඨකයින්ගෙන් මෙවර අනිවාර්යයෙන්ම ජාජබ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාට/මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්න ඕනේ. ලංකාව බංගලාදේශය වගේ විනාශ නොකර ඉතාම ඉක්මනින්ම ජනතාවට ඉතාමත්ම යහපත් සුභවාදී රටක් බවට අප මේ රට පත්කරන බව ඔබට සහතික කර ජාතික ජන බලවේගය මාලිමාව ප්‍රතිඥාවක් ලබාදෙනවා.

    ඒ වගේම මේ බ්ලොගය බලන්නාවූ සියලුම අයගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඕන.

    මෙවර ලංකාවෙ ඉතිහාසෙ පළවෙනි වතාවට ඡන්ද දායකයන්ට අවස්ථාවක් හම්බ වෙලා තියනවා මෙච්චර කල් ලංකාවෙ පාලනය කරපු පාදඩ රනිල් වික්‍රමසිංහ කියන මිනීමරු ලේ පිපාසිත සොම්බි මහල්ලාව වහාම බලයෙන් පහ කර ඔහු ඇතුලු රාජපක්ෂ දූෂිත හොර පවුල ප්‍රේමදාස දූෂිත හොර පවුල ඇතුලු උන්ගේ පක්‍ෂ කල්ලි කණ්ඩායම්වල දූෂිත හොර කල්ලියෙ නොවන ඉතාම පිරිසිදු සෑම අතින්ම සැබවින්ම පාරිශුද්ධ ජනතාවාදී සැබෑ නායකයෙක්ව පළමු වතාවට ජනාධිපති කරවන්න.
    අපිට හැප්පෙන්න තියෙන්නෙ රුපියල් බිලියන නෙවෙයි ට්‍රිලියන ගණන් සල්ලි වියදම් කරල කරන රනිල්ලාගේ සජබයේ සහ රාජපක්ෂ කල්ලියේ මහා කැම්පේන් එකක් එක්ක. ඔයගොල්ලො දැනටමත් දැකල ඇති ෆේස්බුක් එකේ ස්පොන්සර්ඩ් ඇඩ් දාල ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවට මඩ සහ වැරදි තොරතුරු විශාල වශයෙන් ජනගත කරන්න හදනවා. දූෂිත කල්ලියෙ අපේක්ෂකයන්ගෙ ෆේස්බුක් පෝස්ට්වලට සිය ගණන් ෆේක් ප්‍රොෆයිල්වලින් කමෙන්ට් ලයික් දානවා. මේව කරන්න රුපියල් බිලියන් මිලියන් ගණන් සල්ලි වියදම් කරල ඒවාට විශේෂිත ප්‍රචාරක ඒජන්සිවලට කොන්ත්‍රාත්තු දීල තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ සොම්බි මහල්ලා, රාජපක්ෂ දූෂිත පවුල සහ ප්‍රේමදාස සමගි මඩ බලවේගය විසින්මයි.
    මීට අමතරව බොහෝ ටීවී චැනල්වලින් ඉතාම පහත් විදියට මාලිමාවට මඩ ගහනවා.

    අපිට තියෙන්නෙ ලංකාවට ඇත්තටම ආදරේ මාලිමාවට හිතවත්කම තියෙන ඇත්ත මිනිස්සුන්ගෙ හයිය විතරයි. ඒ හින්දා මේ අන්තිම දවස් කීපයෙ හැමෝම උපරිම විදියට කැපවීමෙන් නිදිවරා හරි මහන්සි වෙලා රට දිනවන මාලිමා කැම්පේන් එකට සපෝට් කරන්න.

    🧭 මාලිමාවට සමාජ මාධ්‍යවල සහයෝගය පුළුවන් තරම් දෙන්න. (ලයික්,කමෙන්ට් ,ෂෙයාර්) මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක්.

    🧭 පුළුවන් අයට සමාජ මාධ්‍යවල ලියන්න, වීඩියෝ හදන්න, මීම්ස් ,පෝස්ට් හදන්න පුළුවන්.
    🧭 බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයකට (කොට්ඨාස සභා) සම්බන්ධ වෙලා කැන්වසින් වලට සහයෝගය දෙන්න.

    තව දවස් කීපයයි තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ සොම්බි ඩ්‍රැකියුලාගේ නායකත්වය යටතේ රාජපක්ෂ ප්‍රේමදාස ඒකාබද්ධ ලේ පිපාසිත දූෂිත හොර තක්කඩි ජාවාරම්කරුවන්ට උන්ගේ පැලැන්තියේ කල්ලියේ දේශපාලකයන්ගෙ දූෂිත සල්ලිවලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා.
    #AKD #NPPSRILANKA #රටඅනුරට

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මොකෝ බන් මාලිමා වහල්ලු සෝෂල් මීඩියා වල මොනවා හරි කිව්වම අමු තිත්ත කුණුහරුපෙන් බනින්නෙ? උඹලා හෙන වනච‍ර ග්‍රාම්‍ය බුවාලා සෙට් එකක්නෙ බන්.. ඔය විදිහට බලපුවම උබලට බලය ගියාම අනික් උන් මොනවා හරි කිව්වම ගහලා මරන්න උනත් බැරි නෑනෙ.. උබලැ නූගත් වහල්ලු දැනටත් එහෙම කියමින් ඉන්නවා..

      Delete
  2. අපේ බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා.
    කත පුඤ්ඤොඤෝ උභයත්ථ නන්දති කියලා.
    එහි සිංහල තේරුම පිංවන්තයෙක් දෙපස ඉන්නා අයටත් ඔහුගේ පිං ලීක්වෙලා ඔවුනුත් සතුටු වන බව.

    රනිල් කියන්නේ පිංවන්තයෙක් අපි ඔහුව නායකයා කරගත යුතුයි. ඔහු රජවීම තමයි විශ්වයේ තීරණය. අපි ඒ තීරණය වෙනස් කලොත් විශාල විනාසයක් වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් රනිල් කියන්නෙ පිං පියෙක්

      Delete
  3. බංගලි කියන්නෙ මහිතෙ ලෝකෙ තියෙන අන්ඩර්ම ආචීව්ඩ් රට වෙන්න ඕන මහිතෙ

    ReplyDelete
  4. ඇප නැතුව ණය දෙන බැංකු හදන්න පුළුවන් ද? මේ ජ.ජ.බ. ගේ කියන්නේ https://youtu.be/EQY0FygyoKw?si=eCcS2L5yvMA5OkR-

    ReplyDelete
  5. සමස්තයක් වශයෙන් හොඳ ලිපියක් කියවන්න . -මේ වෙද්දී ලෝකයේ අනෙක් රටවල වගේම බංග්ලාදේශයේද මාක්ස්වාදීන් චීන හා රුසියානු කඳවුරු වශයෙන් පිල් බෙදිලා.- මේ අතීතය ගැන කියන එකක් නේද ? ලංකාවේ වුනා වගේ . දැන් බැලුවහම අන්තිමට චීන පිල විතරයි ඉතිරි වුනේ . මේ නිශ අමහරු නගන චෝදනාව - මේ අරගලය ක්‍රියාත්මක කලේ ඇමෙරිකාව කියන එක - අත්තක් වෙන්න පුළුවන් . නමුත් මම වඩාත් හිතන්නේ ඉස්ලාම් අන්තවාදීන් කියා .

    ReplyDelete
    Replies
    1. හැත්තෑව දශකයේ මුල් භාගයේදී තත්ත්වය. රුසියානු පිලේ සමාජවාදීන් අවාමි ලීගය එක්කත්, චීන පිල BNP එක එක්කත් එකතු වෙන එකයි පසුව වුණේ. දැන් තත්ත්වයට කෙළින්ම සමාන කරන්න බැහැ. ඒ දවස් වල චීනය හිටියේ ඇමරිකාව පැත්තේ. ඉන්දියාව හිටියේ රුසියාව පැත්තේ.

      Delete
    2. අජිත්, ඉස්ලාමීය අන්තවාදය බිහි කළේ කවුද කියල හොයල බලන්න. ඉරානයේ සෙකියුලර් අනාගමික මොහම්මද් මුසද්දෙක් ව එලවා අන්තවාදය හරහා ෂාහ් පහ්ලවී බලයට ගෙනාවේ ඇයි? ඇෆ්ගනිස්තානයේ සමාජවාදී නජිබුල්ලාහ් එලවන්න මුජහිද්දීන්ලා පසුව තාලීබාන්ලා අල් ඛයේදාලා පසුව අයිසිස්ලා උතුරු අප්‍රිකානු ඉක්වාන්ලා බොකෝ හරාම්ලා පසුපස සිටින අදිසි හස්තය කවුද? පලස්තීන ෆාතා එකට එරෙහිව හමාස්ලාව හැදුවේ කවුද? ඔබට උත්තර ලැබෙයි

      ඒ වගේම චීනය ඇමරිකාව පැත්තේ හිටියාය කියන එක මිථ්‍යාවක්, චීනය වියට්නාම යුද්ධය සමයේ සහාය දුන්නේ කාටද? චීනය සෝවියට් දේශය සමග 1950 දශකයේ කොරියානු යුද්ධය ජයග්‍රහණය කළත් උතුරු කොරියාව බිහි කළත් සෝවියට් සංගමය සමග ඇතිවු විරසකය නිසා 1978 න් පමණ පසුව ෂියාවෝපිංගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග බටහිර රටවල ආර්ථිකය ඔවුන්ට තරමකට විවෘත වුණත් 1991 න් පමණ පසුව සෝවියට් දේශය බිද වැටීම සමග එක්සත් ජනපදය තනි බලවතා ලෙස චීනයට දුන් බුරුල ඔවුන් ඉතාම සූක්ෂම ලෙස සහ බුද්ධිමත්ම දක්ෂ ලෙස යොදා ගැනීමෙන් සාර්ථක වුණා මිසක් එක්සත් ජනපදය කිසි දිනෙක චීනය පැත්තේ සිටියේ නෑ විශේෂයෙන්ම නේටෝ සංවිධානය සහ චීනය යුධමය වශයෙන් කිසිම ආකාරයක එකඟතාවක් තිබුණේ නෑ.

      Delete
    3. ඒ කතාව හරි ඇනෝ

      Delete
    4. අන්න අපි කියා කියා හිටිය දේ එලියට ඇවිත් උක්රෙන් එවුන් අර මුහුද යට ඩොලර් බිලියන් නමයක පයිප්ප ටික විනාශ කල බව , මේ මුල් දේ ම ඒ ව්‍යාපෘතිය වලක්වන් අමෙරිඅක්ව සහ යුක්රේනය එකතු වෙලා කල දේ .

      Delete
  6. ඉකෝන්, සාමාන්‍ය මනුස්සයෙක්ට ඕන වෙනවා, ලංකාවේ ආහාර වලින් එකතුවන බදු ආදායම සොයන්න, ඊට අමතරව අධ්‍යාපන උපකරණ වලින් එකතු වන බදු අදායම එහෙමත්. එතකොට කොහොමද ඒ මනුස්සයා ඒ බදු ආදායම් වෙන වෙනම හොයා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. සැලකිය යුතු මහන්සියක් නොවී ලේසියෙන් හොයා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: