ෆිච් රේටිං ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටමේ සිට B- මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ලංකාවට නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත පිවිසීම සඳහා වන ඉඩකඩ ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.
මෙම තීරණය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ රාජ්‍ය වියදම් සීමා කරගන්නා අතර, බදු ආදායම් ඉහළ දමා ගනිමින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ ඒ අතරම විදේශ සංචිතද යම් තරමකට ශක්තිමත් කර ගැනීමයි. කෙසේ වුවද, B කාණ්ඩයේ රට වලට සාපේක්ෂව ලංකාව තවමත් බොහෝ පසුපසින් සිටින බවද ෆිච් රේටිං ආයතනය විසින් අවධාරණය කර තිබෙනවා.
- පසු ගිය වසරේදී 96.7%ක් වූ රාජ්‍ය ණය/ දදේනි අනුපාතය මෙම වසරේදී 92.9% දක්වා පහත වැටීමට නියමිතව ඇතත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 54.7%ට සාපේක්ෂව මෙම අනුපාතය තවමත් ඉතා ඉහළ අනුපාතයක්. එම මට්ටමට රාජ්‍ය ණය/ දදේනි අනුපාතය අඩු කරගැනීම සඳහා වසර ගණනාවක කැපවීමක් අවශ්‍ය වෙනවා.
- පොලී වියදම් සහ රාජ්‍ය ආදායම් අතර අනුපාතය මේ වන විට 76.3% සිට 45.6% දක්වා අඩු වී ඇති අතර මෙම වසරේදී 41.0% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එහෙත් B කාණ්ඩයේ රට වල මධ්‍යස්ථ අගය වන 12.7%ට සාපේක්ෂව මෙම අගය තුන් ගුණයකටත් වඩා වැඩියි.
- එක දිගට වසර තුනක් අතිරික්තයන් පෙන්වූ ජංගම ගිණුම ඇමරිකා ඉරාන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී හිඟයක් විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, 2027 සිට නැවතත් ජංගම ගිණුම තුලනය වීමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා.
- මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතන වලින් ලැබෙන මූල්‍ය සහාය නිසා කෙටිකාලීන විදේශ මූල්‍යකරණ තත්ත්වය ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. මෙම වසර අවසානයේදී විදේශ සංචිත ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යාමේ ඉඩක් පෙනෙනවා. එහෙත්, මෙහි මුල් ඇස්තමේන්තු වලට සාපේක්ෂව මන්දගාමී වීමක් තිබෙනවා.
- ඉදිරි වසරේ වලදී, විශේෂයෙන්ම 2028න් පසුව, විදේශ ණය සේවාකරණය ඉහළ යනවා. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ඉදිරි 2027 වසර තුළ නැවතත් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සලකා බලමින් සිටිනවා.
- එමෙන්ම, 2027 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ වන වැඩ සටහන අවසන් වීමෙන් පසුව තවත් වැඩ සටහනකට යාමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. එවැන්නක් මගින් රජයේ ප්‍රතිපත්ති වල ස්ථාවරත්වය තහවුරු වෙනවා.
- ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දුර්වලතා, අපනයන අංශය වර්ධනය කර ගැනීමේ දුර්වලතා හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ සීමාවන් නිසා මැදිකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ යාන්තමින් 4% ඉක්මවන වර්ධන වේගයකිනුයි.
- දැනට ඇති උද්ධමන පීඩනය තාවකාලික සංසිද්ධියක් වන අතර, උද්ධමනය ක්‍රමයෙන් 5% සීමාවෙන් පහළට පැමිණීමට නියමිතයි. පොලී අනුපාතික තව දුරටත් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
ෆිච් රේටිං ආයතනයේ ඉහත නිරීක්ෂණ, විශ්ලේෂණ හා පුරෝකථන සමඟ අපටද එකඟ විය හැකියි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොපැකිළ ලකුණු දිය හැකි නමුත් ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහා තවත් කළ හැකි බොහෝ දේ තිබෙනවා. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ ආර්ථික ස්ථාවරත්වය නැවතත් අවදානමට ලක් කෙරෙන ක්‍රියාමාර්ග නෙමෙයි.
ණය පැහැර හැරී රටක් මේ අයුරින් නැවතත් B කාණ්ඩයට පැමිණීම සුවිශේෂී සන්ධිස්ථානයක්. අනෙකුත් ණය ශ්‍රේණිගත කරන ආයතන දෙක විසින්ද ඉතා ඉක්මණින් ෆිච් රේටිං ආයතනය අනුගමනය කර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමුවහොත්, ශ්‍රී ලංකා රජයට මුලින් ඉලක්ක කළ පරිදි ඉදිරි වසරේදී නැවතත් ජාත්‍යන්තර ණය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට අවකාශ ලැබෙනවා.
මෙච්චර හොඳනම් ආපහු IMF යන්න වෙයි වගේ කතා ඇහෙන්නේ ඇයි?
ReplyDeleteමේ යන විදියටනම් මේ ආණ්ඩුව ආත්මෙකට වට්ටන්න හම්බ වෙන්නෙ නෑ හැබැයි.
මේක destination එකක් නෙවෙයි. මේක 2022 දී රනිල් ඇරඹු දිගු ගමනක එක් checkpoint එකක් විතරයි.
ReplyDelete2022දී අපිට තිබුණේ රට බේරගන්න එක.ඒක රනිල්.කලා.
දැන් තියෙන අභියෝගයත් අමාරුයි.
රට නැවත default නොවෙන විදිහට ස්ථාවර කරගෙන, IMF සහන මත පමණක් නොරඳා, තමන්ගේම ඩොලර් උපයන, ආයෝජන ආකර්ෂණය කරන, අපනයන වැඩි කරන, productivity වැඩි කරන ආර්ථිකයක් හදන එක.
B- කියන්නේ අපි තවමත් අර්බුදයෙන් එළියට එන ගමන් කියන සාක්ෂියක්. අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම එළියට ආවා කියන සහතිකයක් නෙවෙයි.
Fitch එක මැදිකාලීන growth එක 4% ඉක්මවන මට්ටමකට පමණක් සීමා වෙයි කියලා කියන එකත් ඒ නිසා වැදගත් warning එකක්. Investment, exports සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවල තියෙන දුර්වලතා ඒකට හේතුවක්.
රනිල් ඇරඹු දිගු ගමනක අපි ගියානම් රනිල් කියපු විදියට අපි 2028 වෙනකොට ඩිෆෝල්ට් වලින් C වලට එන්න හිතාගෙන හිටියේ.... අපරාදේ කාලේ ඒවා කතා කරන එක...
ReplyDeleteඉකොනොමැට්ටා සමහර B-, B රටවල් බැලුවම මට පුදුම හිතනවා...
Egypt B තියන්නේ UAE වල පිහිටෙන් ඔහොමවත් ඉන්නේ රට ඇතුලත් පොඩි යුදඩයක් යනවා...
Argentina වත් B- වෙලා US හෙල්ප් කරා නමුත් පුදුම හිතෙනවා...
මේ රටවල් එක්ක බැලුවම නම් ලංකාව B- ආපු එක පුදුම වෙන්න දේකුත් නැ...
can you elaborate?
Deletenever ever ask a Dobbie, can you elaborate, can you prove, where is the evidence etc etc.. They have been trained to Girava gahanna..they don't bother how far the statement is correct or on factual grounds. Only thing they know that simply repeating what they are heard from Pelawaththa.
Delete