පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික අතර තිබෙන ඉන්දියාව හා ජපානයත් ආර්ථිකයේ ප්‍රමාණය අතින් චීනයට වඩා ගොඩක් පසුපසිනුයි ඉන්නේ. ජර්මනිය, ජපානය හා ඉන්දියාව යන රටවල් තුනේම ආර්ථිකයන් එකතු කළත් චීනයේ ආර්ථිකය තරම් විශාල නැහැ.
ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකයේ සංයුතිය මොන වගේද?
කෘෂිකර්මය - යුවාන් ට්‍රිලියන 9.4 (7.5%)
කර්මාන්ත - යුවාන් ට්‍රිලියන 39.9 (31.7%)
ඉදි කිරීම් - යුවාන් ට්‍රිලියන 8.6 (6.8%)
සේවා - යුවාන් ට්‍රිලියන 68.1 (54.0%)
චීනයේ නිෂ්පාදන ආර්ථිකය ගැන ගොඩක් අය කතා කළත්, චීන ආර්ථිකයේ ලොකුම පංගුව සේවා ආර්ථිකය. ලංකාව, ඇමරිකාව, වියට්නාමය ඇතුළු අනෙක් බොහෝ රටවල වගේම තමයි.
උදාහරණයක් විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 12.3ක් තොග හා සිල්ලර වෙළඳාම. ඒ වගේම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.0%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 10.1ක් මූල්‍ය අංශයේ අතරමැදි සේවා. තව යුවාන් ට්‍රිලියන 7.4ක් හෙවත් දදේනියෙන් 5.8%ක් නිවාස හා දේපොළ වෙළඳාම්. ඔය කොටස් තුන පමණක් එකතු කළත් චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවකට කිට්ටුයි (23.6%).
ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු පංගුවක් ඉහත සඳහන් අනු අංශ තුන බව මම පෙර සටහනක සඳහන් කර තිබෙනවා. මේ සියල්ල අතරමැදි සේවාවන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය විකෘතියක්ද? එහෙමනම්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ තිබෙන චීනයේ ඔය අතරමැදි සේවා වල පංගුවත් ඔය තරම් විශාල වුනේ කොහොමද?
මම හිතන්නේ අතරමැදියන් නැති කිරීමේ මිථ්‍යාව ගැන කොමියුනිස්ට් චීනය දිහා බලලා වුනත් ඉගෙන ගන්න අමාරු නැහැ. ආර්ථිකයක් ප්‍රසාරණය වීම සඳහා තොග හා සිල්ලර වෙළඳාම, මූල්‍ය අංශයේ අතරමැදි සේවා හා නිවාස හා දේපොළ වෙළඳාම් වැනි අතරමැදි සේවාවන් ඉතාම අවශ්‍යයි. ඒවා නැති කරලා ආර්ථිකයන් ප්‍රසාරණය කරන්න බැහැ.
චීනය විශාල රාජ්‍ය අංශයක් තිබෙන රටක්. චීන රජය යටිතල පහසුකම් සංවර්ධනය ආදිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මේ වෙනුවෙන් චීන රජය සල්ලි හොයා ගන්නේ කොහොමද?
අමුතු මැජික් එකක් නැහැ. ඇමරිකාවේ හා ලංකාවේ රජයයන් වගේම චීන රජයත් ආදායම් හොයා ගන්න ප්‍රධාන ක්‍රමය බදු. 2023දී චීනයේ මුළු රාජ්‍ය ආදායම වූ යුවාන් ට්‍රිලියන 21.7ක මුදලින් යුවාන් ට්‍රිලියන 18.1ක්ම, ඒ කියන්නේ 84%ක්ම බදු ආදායම්. චීන රජයට අයිති රාජ්‍ය ව්‍යවසාය වලින් ලැබෙන ආදායම් ඇතුළු අනෙක් සියලු ආදායම් තිබෙන්නේ ඉතිරි 16% ඇතුළේ.
මේ බදු සියල්ල සෘජු බදුද?
මොන පිස්සුද? ඔය බදු ආදායමෙන් යුවාන් ට්‍රිලියන 6.9ක්ම වැට් බදු. තවත් යුවාන් ට්‍රිලියන 1.6ක් පරිභෝජන බදු. මීට සාපේක්ෂව පුද්ගල ආදායම් බදු යුවාන් ට්‍රිලියන 1.5ක් පමණයි. සමාගම් ආදායම් බදු යුවාන් ට්‍රිලියන 4.1ක්. වක්‍ර බදු අය කළා කියලා සෘජු බදු අය නොකර ඉන්නේ නැහැ.
චීනය ආදායම මත කොයි තරම් බදු ගහනවද?
යුවාන් 3000 දක්වා (මාසික ආදායම) - 3%
යුවාන් 3000-12,000 අතර - 10%
යුවාන් 12,000-25,000 අතර - 20%
යුවාන් 25,000-30,000 අතර - 25%
යුවාන් 35,000-50,000 අතර - 30%
යුවාන් 55,000-80,000 අතර - 35%
යුවාන් 80,000 සිට - 45%
රජයකට බදු අය නොකර වියදම් කරන්න බැහැ. වියදම් කළ හැක්කේ කාගෙන් හෝ බදු ලෙස එකතු කර ගන්නා සල්ලි. චීනය කියලා එහි වෙනසක් නැහැ.
Could you please share the references for these.
ReplyDeleteThe post is hyperlinked to the sources.
Deleteමැද රට නැතිද අල්ලස හා දූෂණය
ReplyDeleteනැතිනං මෙහෙන් යැව්වැකි, මෙහෙ හරි වැඩිය!
චීනයෙ 35% බදු ගහන්නෙ ආදායම ලංකාවෙ මුදලින් රු. මිලියන් 2.3 ක් විතර වුනාම. ලංකාවෙ රු. ලක්ශ 3න පැන්නම 36% ක බද්දක් වදිනවා(වැඩි ටිකට) එහෙම බලපුවම ලංකාවෙ බදු වැඩි නැද්ද?
ReplyDeleteබදු නැතිව බැහැ . රෝමන් කාරයොත් ගැහුවනෙ. ලංකාවේ බදු ගැහීමේ සාධාරණත්වයක් නැහැ. ඒකයි ප්‍රශ්නය
ReplyDelete