පසුගිය සතියක හෝ දෙකක කාලය තුළ ගීත තුනක් සමාජ ජාල ඇතුළත කතාබහට ලක්විය. මේ අවස්ථා තුනෙහි කිසියම් සමානත්වයක් තිබේ. ඒ, මේ අවස්ථා තුනෙහිදීම සාමාන්‍ය සම්ප්‍රදාය බිඳීමය.
පළමුවැන්න වූයේ භාෂි මධුභාෂිණී නැවත ගැයූ හන්තාන ප්‍රේමයේ සුවඳ පිළිබඳ ගීයයි. මෙය ඉදිරිපත් කළේ ටැලන්ට් ෂෝ එකක් වෙනුවෙනි. ප්‍රශ්නය මතු වුනේ බුද්ධිමය දේපල ප්‍රශ්නයක් වැනි නීති කරුණක් අරභයා නොවේ. ඇගේ ගායනා ආර සම්බන්ධවය. මටනම් පෞද්ගලිකව හැඟුණේ මේ පදපෙලට ඇගේ ශෛලිය එතරම් නොගැලපෙන බවයි. පවනේ ආ, සීතල පොළොවම වැනි ගීයකටනම් නන්දා මාලිනී ගැයූ ආරට වඩා මේ ආර ගැලපෙන්නට ඉඩ තිබේ.
මගේ අදහස පෞද්ගලික අදහසකි. එක් එක් පුද්ගලයාගේ රස වින්දනය වෙනස්ය. එය උසස් හෝ පහත් ලෙස ශ්‍රේණිගත කිරීම කළ හැක්කේ යම් සම්ප්‍රදායක් තුළ පමණක් බව මගේ අදහසයි. මට අනුව, ගීයකින් හෝ වෙනත් කලා නිර්මාණයකින් බොහෝ දෙනෙකු සතුටු වනවානම් එය නරක නිර්මාණයක් නොවේ.
ටැලන්ට් ෂෝ එකකට භාෂි මධුභාෂිණි ඇයට අවශ්‍ය, වෙනස් සම්ප්‍රදායකින් ගී නිර්මාණයක් ඉදිරිපත් කිරීමෙහි කිසිම ප්‍රශ්නයක් නැත. ඇගේ රසිකයින්ට එයට කැමති වීමට හෝ අකැමති වීමට හැකියාව තිබේ. කැමැති අය ඇගේ සම්ප්‍රදාය වැළඳ ගනිද්දී, අකැමති අයගෙන් ඇයව ප්‍රතික්ෂේප වනු ඇත.
කතාබහට ලක්වූ දෙවන අවස්ථාව වූයේ නිදහස් උත්සවයේදී දෙමළ බසින් ජාතික ගීය ගැයීමයි. රටක ජාතික ගීය යනු භාෂී මධුභාෂිනී ගැයූ හන්තානේ ප්‍රේමය ගැන ලියැවුණු ගීතය වැනි තවත් එක් ගීයක් නොවේ. එහි පදමාලාව මෙන්ම සංගීතයද නිශ්චිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ. ඒ නිසා එය කැමති පරිදි රැප් කළ හැකි හෝ වෙනත් සම්ප්‍රදායකින් ගැයිය හැකි ගීයක් නොවේ.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ හත්වන වගන්තිය අනුව, "ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා" මාතා වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය." තුන්වන උපලේඛනයෙහි මේ ගීතයේ නිවැරදි පදමාලාව සහ සංගීතය සම්පූර්ණයෙන්ම දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ මෙය සඳහන් වන්නේ මේ අයුරිනි. "The National Anthem of the Republic of Sri Lanka shall be “Sri Lanka Matha”, the words and music of which are set out in the Third Schedule." ඉංග්‍රීසි පිටපතේ අනුලේඛනයෙහි ඇති ජාතික ගීය සිංහල පිටපතෙහි ඇති ගීයමය. එය රෝමන් අකුරින් මුද්‍රණය කර තිබේ.
කෙසේ වුවද, දෙමළ පිටපතේ ඇත්තේ මෙවැන්නකි. "இலங்கைக் குடியரசின் தேசிய கீதம் "ஸ்ரீ லங்கா தாயே" என்பதாக இருத்தல் வேண்டும்; அதன் சொற்களும் இசையமைப்பும் மூன்றாம் அட்டவனையில் தரப்பட்டவான்றாக இருத்தல் வேண்டும்." මේ වගන්තියේද, උපලේඛනයේද ඇත්තේ "ශ්‍රී ලංකා තායේ (ஸ்ரீ லங்கா தாயே)" නම් වූ වෙනස් පදමාලාවකි. ව්‍යවස්ථාව දෙමළට පරිවර්තනය කිරීමේදී ජාතික ගීයේ පදමාලාවද දෙමළට පරිවර්තනය කර තිබේ.
මෙයින් අදහස් වන්නේ නීත්‍යානුකූලව ලංකාවට ජාතික ගී දෙකක් ඇති බව නොවේ. එය එසේනම්, පිටපත් තුනේම එය පැහැදිලිව සඳහන් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙහි ඇත්තේ පිටපත් නොගැලපීම නිසා ඇති වී ඇති අවුල් සහගත තත්ත්වයකි. සිංහල හා ඉංග්‍රීසි පිටපත් අනුව ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" වන අතර දෙමළ පිටපත අනුව එය "ශ්‍රී ලංකා තායේ" ගීයයි. යම් පණතක පිටපත් අතර මෙවැනි නොගැලපීමක් වූ විට මුල් පිටපත ලෙස සැලකිය යුත්තේ කවර පිටපතද යන්න ගැන ඇතැම් පණත් වල සඳහනක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි සඳහනක් ඇති බව මා දන්නේ නැත. එවිට, මෙය වෙනත් නීතියක් මඟින් හෝ අධිකරණයක් මඟින් අර්ථකථනය විය යුතුය. එවැන්නක් තිබේදැයි මට දැනුමක් නැත.
රජයේ නිලධාරීන් බහුතරයකට (එවකට) ද්විභාෂා (සිංහල සහ දෙමළ) දැනුමක් නොමැති වීම මේ අවුලට හේතු වූවා විය හැකිය. අළුත් ව්‍යවස්ථාවේ මෙවැනි අවුල් ඉවත් කරගැනීමට කටයුතු කළ යුතුය.
කෙසේ හෝ නිදහස් දින උත්සවයේදී, මේ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු පළමු වරට, දෙමළ බසින් ජාතික ගීය ගැයුනේය. මේ ගැනද පක්ෂ හා විපක්ෂ අදහස් පළ වී තිබේ. විපක්ෂ අදහස් වලින් බොහෝ විට කියවෙන්නේ රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් බවයි. පක්ෂ අදහස් වල අරුත වන්නේ මෙමඟින් දෙමළ ජනතාවට ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ හදවතින්ම එක් වීමට උදවුවක් ලැබෙන බවයි.
උතුරු පළාත් සභා මහ ඇමතිවරයාගේ ප්‍රදර්ශනාත්මක ප්‍රතිචාරයෙන් පෙනුණේ ඔහු මේ ක්‍රියාවෙන් සතුටු වන බවයි. ඔහු සමඟ තවත් සැලකිය යුතු දෙමළ කතාකරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටින බව මගේ අදහසයි. සිංහල කතා කරන අය අතරින්ද, දේශපාලන පාක්ෂිකත්වය මත හෝ වෙනත් හේතු මත මේ ක්‍රියාව අගය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. ආර්ථික විද්‍යාව අනුව, රජයක් විසින් යමක් කරද්දී එය කළ යුත්තේ සමස්තයක් වශයෙන් රටේ ජනතාවට යහපතක් සැලසෙන පරිදිය. මෙහිදී ඇතැම් විට ඇතැම් පිරිස් වලට පාඩුවක් විය හැකිය. රජයේ තක්සේරුව අනුව, ජාතික ගීය දෙමළෙන් ගැයීම නිසා සතුටු වන පිරිස ඒ නිසා අසතුටට පත්වෙන පිරිසට වඩා වැඩිනම් නීතිය අමතක කර ආර්ථික විද්‍යා සංකල්ප අනුව බැලුවොත් මෙහි වරදක් නැත. (වාසි අවාසි යනු හැමවිටම මුදල් වලින් මනින දේ නොවේ.)
විවාදිත තුන්වන ගීතය නිදහස් උළෙලේදීම කිශානි ජයසිංහ විසින් ගැයුනු "දන්නෝ බුදුන්ගේ" ගීතයයි. ඈ මේ ගීය ඔපෙරා සම්ප්‍රදාය අනුව ගැයීම තුළ "බෞද්ධ ගීතයකට" අනිසි ලෙස සැලකීමක් සිදුවී ඇති බව ඇතැම් අය සිතන බව පෙනේ. වෙනත් අය පෙන්වා දෙන්නේ ඇගේ ගායනය ඉතා ඉහළ බව, මේ ගීතය බෞද්ධයන්ටම සින්නක්කර අයිතියක් නැති ගීයක් බව වැනි කරුණුය.
මෙයට එරෙහි වන ඇතැම් අය තමන්ගේ දේශපාලන පාක්ෂිකත්වය අනුව මෙය විවේචනය කරති. එහෙත්, මේ නිසා සැබෑවටම සිත් රිදීමක් වී ඇති පිරිස්ද ඇති බව මගේ අදහසයි. එවැන්නන්ට, සිත් රිදීමක් ඇති වන්නන්ට හේතු නොමැති බවට වෙනත් අය තර්ක කිරීම නිරර්ථක කාර්යයකි. එය දෙමළාට දෙමළ වීම නිසා ප්‍රශ්න නැති බවට දෙමළ නොවන අය ගෙන එන තර්කය වැන්නකි.
ග්‍රාමීය සිංහල බෞද්ධයින් බොහෝ දෙනෙකුට "දන්නෝ බුදුන්ගේ" බෞද්ධ ගීයකි. ඔපෙරා සම්ප්‍රදාය රස විඳින ලාංකිකයින් ඇත්නම් ඒ ඉතාම සුළු පිරිසකි. දෙමළ, මුස්ලිම් ජනවර්ග අතර වුවද එය එසේමය. කුශානිගේ ගායනය කොතරම් හොඳ වුවද, මේ ගීය සාමාන්‍යයෙන් අසන පිළිවෙලට දශක ගණනාවක් තිස්සේ ඇබ්බැහි වී සිටින බොහෝ දෙනෙකුට කුශානිගේ ගීය අඳෝනාවක් පමණි. ඔවුන් බයියන් බව කෙනකුට කියන්නට පුළුවන. මෙහි ඇති ප්‍රශ්නය පිරිසකගේ සිත් රිදවා ලබන වාසිය කුමක්ද යන්නයි.
ලාංකිකයින්ට ඔපෙරා රසවිඳීමට පුහුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් නොවේ. කවර අයුරකින් හෝ රජයේ ක්‍රියාවකින් පිරිසකට කණගාටුවක් හෝ අපහසුතාවයක් ඇතිවේනම්, එවැන්නක් කළ යුත්තේ එයින් ඊට වඩා යහපතක් සිදුවන්නේනම් පමණි. ලංකාවේ ඔපෙරා රස විඳින සුළුතරයක් සිටිති. නිදහස් උළෙලකදී, වෙනත් අයට අපහසුතාවයක් නොවේනම්, කවර හෝ සුළුතරයක් සතුටු කරවන දෙයක් කිරීමේ වරදක් නැත. නිදහස් උළෙලකදී ඔපෙරා ශෛලියට ගීයක් ගැයීම අවශ්‍යනම් ඒ සඳහා තෝරා ගන්නට ඕනෑ තරම් ගීත තිබේ.
ලෝකයේ හොඳම වයලීන් වාදකයෙකු වන ජෝෂුවා බෙල් 2007දී වොෂින්ටන් ඩීසීහි උමං දුම්රියපොලක සිට ඇමරිකන් ඩොලර් මිලියන 3.5ක් වටිනා සිය වයලීනයෙන් විනාඩි 45ක් තිස්සේ එතෙක් මෙතෙක් ලියැවුණු හොඳම සංගීත ඛණ්ඩ වයා උපයාගත්තේ ඩොලර් 32ක් පමණි. අඩු වශයෙන් නැවතී ඔහුට සවන් දුන්නේද කිහිප දෙනෙකු පමණි. ඊට දින දෙකකට පෙර බොස්ටන්හිදී මේ ඉදිරිපත් කිරීමම කරද්දී ප්‍රවේශපත්‍රයක් විකුනුණු සාමාන්‍ය මිල ඩොලර් සීයකි. සෑම දෙයකටම නිසි තැනක් තිබේ.
රටේ යහපත වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් විරුද්ධ වන පිරිස් නොතකා එය කිරීම හොඳ දෙයකි. එහෙත්, අවසාන වශයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන දෙයකට නිකං කොකු දමා ගැනීමට යාම පිස්සු වැඩකි. බටහිර දේවල් වැළඳගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ඇති බැවින් මිස බටහිර දේවල් වීම නිසා නොවේ. හැම කෙහෙම්මලම බටහිරකරණය කරන්නට යාමත් බටහිර විරෝධය මෙන්ම පිස්සුවකි.
(Image: )
ඉකො ගේ දැක්ම නිවරැදියි.. මේ ගැන මම කියවපු හොද විචාරයක්..
ReplyDeleteස්තුතියි, දේශා!
Deleteමේ ගැන ඉයන් හොඳ කතාවක් ලියා තිබුණා.
ReplyDeleteඑහි තිබුණේ, ඉස්සර මහා පරිමානයේ දුෂණ ගැන කතා කරපු අප දැන් කතා කරන්නේ සින්දු, ඒවායේ වචන, තාලය සහ ගායනය වැනි දේ ගැන වීම කොතරම් හොඳඳ යන අරුතයි!
කතාව ඇත්තය. ඒ වුනත් මෙයත් පහුගිය කාලේ කියවුන "ඉස්සර හන්දියක් හන්දියක් ගානේ බෝම්බ පිපිරුණා. එළියට බැස්සහම ගෙදර එනකම් ෂුවර් නැහැ. දැන් බයක් සැකක් නැතිව රටේ ඕනෑ තැනකට යන්න පුළුවන් නිසා කුමාරයින්ගේ අස්සයෝ ගැන කතා කරනවා." කියූ ජාතියේම කතාවකි. ලොකු දේවල් ගැන පසුව කතා කරන්නට වෙන්නේ සාපේක්ෂ හොඳ ගැන සිතමින් පොඩි දේවල් ගැන නිහඬව සිටීම නිසාය.
Deleteඇර ඇර ඉකොන්! සිඩ්නි සලු, ඇතිද අහගත්තා?
Delete// රටේ යහපත වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් විරුද්ධ වන පිරිස් නොතකා එය කිරීම හොඳ දෙයකි. එහෙත්, අවසාන වශයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන දෙයකට නිකං කොකු දමා ගැනීමට යාම පිස්සු වැඩකි. බටහිර දේවල් වැළඳගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ඇති බැවින් මිස බටහිර දේවල් වීම නිසා නොවේ. හැම කෙහෙම්මලම බටහිරකරණය කරන්නට යාමත් බටහිර විරෝධය මෙන්ම පිස්සුවකි. //
ReplyDeleteඉස නමා පිලිගනිමි!
ජය වේවා!
ස්තුතියි! (කරණවෑමියෙක් නොවන නිසා හිස නැමීමනම් අවශ්‍ය නැත.)
Deleteඑක්තරා රූපවාහිනී වැඩසටහනක පිකාසෝගේ (අන්තිම බිරිඳගේ) දියණියක් ඇගේ අත්දැකීමක් විස්තර කලා. ඇය 2 වසරේ ඉගෙන ගනිද්දී ගුරුවරිය ගෙදර වැඩ ලෙස චිත්‍ර ඇඳීමට දුන්විට ඇය තම පියා ලවා චිත්‍ර අන්දවා ගෙන ඉදිරිපත් කලා. ගුරුවරිය හැම විටම මෙම චිත්‍ර කැතයි කියා ඇයට අවවාදකර තිබුනා
ReplyDeleteඔහොම වැඩක් මගේ සොහොයුරෙකුටත් වුනා. ඔහු (උසස්පෙළ පන්තියේදී) හැමදාම සාහිත්‍ය විචාර ලියන්නේ ගුරුවරිය පන්තියේ විස්තර කරන විදිහට වඩා වෙනස්ව. ඔහුට කවදාවත් 7/10කට වඩා ලකුණු නෑ. ගුරුවරිය කියන දෙය ඒ විදිහටම ලියන අයට 10/10යි. එක දවසක් ඔහු සුචරිත ගම්ලත් පොතකට ලියූ විචාරයක් ඒ විදිහටම කොපි කරගෙන ගියා. එදා 6/10යි. පස්සේ සුචරිත ගම්ලත්ගේ ඔරිජිනල් විචාරය පන්තියටම පෙන්වලා හයියෙන්ම කියලා "මිස් සුචරිත ගම්ලත්ගේ විචාරයටත් දෙන්නේ 6නම් මගේ විචාර වලට ලැබෙන 7 ගැන මට සෑහෙන්න සතුටුවෙන්න පුළුවන්" කියලා.
Deleteඅදහසට එකග වෙමි.
ReplyDeleteස්තුතියි, මචන්!
Deleteනිවැරදි දැක්මක් සහිත මධ්‍යස්ත විවරණයක්. රටේ උගත්යැයි කියාගන්න පිරිසටවත් මේ සරල කරුණු නොතේරෙන එක ඉතා ශෝචනීයයි.
ReplyDeleteස්තුතියි, උදය!
Deleteඅනේ මංද දැන් ලංකාවෙ මිනිස්සුන්ට වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද කියල.
ReplyDeleteරියැලිටි ෂෝ, මෙගා බලලා පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරන එකේ මේවා වැදගත් ප්‍රශ්න නෙමෙයිද?
Deleteමානම් දකින්නේ මෙම සිද්දිය සිදුවන්නේ අහම්බයකින් නොවන බවය. එනම් ජාතික ගීතය දෙමලෙන් ගැයිම නිසා ඇතිවිය හැකි ප්‍රතිවිරෝධය අවම කර ගැනීම සදහා එවැනිම තවත් ගැටලුවක් ඇතිකලා වීමටද පුලුවන. එවිට සමාජයේ ඇති අවදානය වෙනතකට යොමුවේ. (වෙනත් ප්‍රධාන ගැටලුවක් එන අවස්ථාවලදි මෙවැනි දෙවන පෙලේ ගැටලුවක් කතිකාවට ගෙනඒම සිදුවේ)
ReplyDeleteඅනෙකනම් නොදැනුවත්කම නිසා සංවිධායකයින් ආසාකරන ගීතයක් මේ සදහා ඇතුලත් කලා වීමටද ඉඩ ඇත.
මටත් අවසාන වශයෙන් කීමට ඇත්තේ ජනතාවට වෙනත් ප්‍රශ්න අමතක කර දවස ගෙවා දැමිම සදහා මේවා හොද මාතෘකා බවය.
ඔබ කියන කරුණු දෙකම නොවිය හැකි දේවල් නෙමෙයි. පළමු කරුණ ඒ විදිහට වුණානම් එහි කුමක් හෝ පදනමක් තියෙනවා. ඒත් මේවට සම්බන්ධ වුන අය ඒ තරම්ම ක්රමෝපායිකද කියන එක සැකයි. ඒ වගේම, දෙවන එක තරමටම නොසැලකිලිමත්ද කියන එකත්. මට හිතෙන්නේනම් බොහෝ විට රටේ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන ගැන තියෙන අනවබෝධය.
Deleteපලවෙනි ගීය හා තුන්වෙනි ගීය කියන දෙකේදීම උනේ ගීතයක රසවින්දනය කියන භාවමය එකඟතාවය බිඳී යාමයි.. එනම් ඒ ඒ ගීත රසවිඳීන ප්‍රේක්ෂකයා හෝ ශ්‍රාවකයා එම ගීතය සමඟ කලක් තිස්සේ ඇති කර ගන්න මනෝමය එකඟතාවයක්. ඒක නිසා ගායකයෙකු හෝ ගායිකාවක ගීතයක් තෝරා ගැනීමේදී අවස්ථා සම්භන්දය හා මේ භාවමය එකඟතාවය ගැන සිතීම වැදගත්. එහෙම නොවුනම වෙන්නේ බහුතරයකින් ප්‍රතික්ෂේප වීමයි.
ReplyDeleteදෙවෙනි ගීතය ගැන මගේ පුද්ගලික හැඟීම ඔබ කියුවා වගේම රජය වැඩි ලාබෙට ඒ බිස්නස් එක කරා.. :)
වැඩි ලාබෙට බිස්නස් එක කිරීමේනම් ප්‍රශ්නයක් නැහැ. තුන්වන කරුණේදී පාඩුවට බිස්නස් එක කළ එකයි ප්‍රශ්නේ.
Deleteමේ ගැන මම දුටු හොඳම ලිපිය මෙයයි!
ReplyDeleteස්තුතියි, බස්සි!
Deleteඉකෝ ....මමත් ඔබ ඔය කියන කථා වලට එකඟයි....
ReplyDeleteදැන් ඔය මිහිදු හාමුදුරුවෝත් බණ කියන්න කලින් දේවනම් පියතිස්සට මේක ඔළුවට දා ගන්න පුලුවන්ද කියලා ටෙස්ට් කෙරුවයි කියනවනේ..... ඔපේරා තියා උදේ ඉදන් හවස් වෙන කන අහන ඉන්දියානු සංගීතවෙත හරියට තේරුම් ගන්නේ නැති අපේ පොරවල් වලට මේක දිරවන්නේ නෑ...මටත් ඇතුලුව..ඒත් අර සුප්ර් ස්ටාර් කෙල්ල කියුඅපු එකට නම් මගේ අවුලක් නෑ... නිදහස් දවස වගේ අති සාම්ප්‍රදායික උතසමයක මේ වගේ ගීයක් කියවන්න ගිය එක තමයි මෙතැන තියෙන අවුල.....නිරපරාදේ අර ගායිකාවත් බැණුම් අහනවා....මොනා උනත්,ප්‍රොෆෙශන්ල් කෙනෙක් නම් දැන ගන්න ඕනා තමන් සෙල්ලම් කරන පිට්ටනියේ හැටි...
එක නෙමයි මට තියෙන ගැටළුව.....නන්දා මාලිනිගේ විප්ලව ගීත වලට වන්දනා මාන කරන පොරවල් ඒක වෙන විදිහකට කිව්වම අවුල් ගන්නවා......ඒත් තමන්ගේ කුලකයෙන් පිට , දන්නෝ බුදුන්ගේ වෙන විදිහට කියලා ඒක අවුලට ගත්තම උන්ට බයියො කියලා කොචොක් දානවා.....කොහොමද සෑර් වෙනස ...
බයියන්ට බයියන් වීම නිසා ඇති ප්‍රශ්න වලට විසඳුම බයියන් ටොයියන් කිරීම බව ටොයියෝ සිතති.
Deleteමේ මිනිස්සුනට හදිස්සියේ තායිලන්තෙ හාමුදුරුවෝ පිරිත් කියනවා ඇහුනොත් එකටත් බනීවි කුණුහරුපෙන්. ඇයි ඒගොල්ලෝ කියන්නේ තායි උච්චාරණේ අනුව නේ.
ReplyDeleteසුද්දෝ හරියට ශබ්ද උච්ඡාරණය කරන්නේ නැති නිසා කියන දේ තේරෙන්නේ නැහැ කියලත් සමහර අය කියනවා.
Deleteමගේ සත පහ මගේ බොගේ දැම්මා... රසික කිව්වම දැක්කේ ඔහෙත් ලියලා තියෙන්නේ ඒ ගැනමමයි...
ReplyDeleteගොඩක් අය මේ ගැන ලියා ඇති බව දැක්කා. ජාතික ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති.
Deleteplease talk about Wilpaththu.
Deleteඉකෝන් සමග 100% එකඟ වෙනවා.
ReplyDeleteස්තුතියි, කසුන්!
Deleteඉකොනොමැට්ටෝ.. උඹ සමග එකපයින්ම එකඟයි !!!
ReplyDeleteමේ ගැන ලියවුනු එකඟ වෙන්න පුලුවන් හොඳම විචාරය ..
බොහෝම ස්තුතියි..
දෙපයින්ම ස්තුතියි, පත්තරේ!
Deleteexcellent econ. this is the best article on that song scandal. Maathalan has slipped from commenting whilst bribing you.
ReplyDeleteThanks, Ano! A producer can be bribed only when the supply is less than the demand. I don't think that I have an excess demand. :)
Deleteමම මේ සිංදුව කැමති විදිහ මෙහෙමයි. ඉතුරු මිලියන විස්ස මම කැමති වර්ශන් එකට කැමති වෙන්න ඕන. නැත්තං දන්නවනේ? අනික මට සිංහල ජාතික ගීය තේරෙනවා. අනික් අයටත් තේරෙන්න ඕන. බැරිනම් බලෙන් හරි තේරුම් ගන්නන්න ඕන. නැත්තං දන්නවනේ? මට ඔය එහෙන් මෙහෙන් හොරකම් කරන්න පුළුවන්. හැබැයි වෙන අය හොරකම් කරන්න බැහැ. ඔව් ඔව්. මේ මිනිස්සු තේරුම් ගන්න ඕන මම තමයි විශ්වයේ කේන්ද්‍රය. ලෝකෙ කැරකෙන්න ඕන මම වටේ.
ReplyDeleteඅඩු වැඩි වශයෙන් අපි කවුරුත් හිතන්නේ විශ්වයේ කේන්ද්‍රය අපි කියලනේ, ඉයන්. මේක නුදුරු කාලයේදීනම් වෙනස්වන එකක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය හොඳම දේශපාලන ක්‍රමය වන්නේත් නිදහස් වෙළඳපොළ ක්‍රමය හොඳම ආර්ථික ක්‍රමය වන්නේත් ඒ නිසයි.
Delete+++++++++++
ReplyDelete+++++++++++++
Deleteඉකොනෝ,
ReplyDelete// බටහිර දේවල් වැළඳගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ඇති බැවින් මිස බටහිර දේවල් වීම නිසා නොවේ. හැම කෙහෙම්මලම බටහිරකරණය කරන්නට යාමත් බටහිර විරෝධය මෙන්ම පිස්සුවකි//
මේක තමයි වැදගත්ම කියමන බොහෝ රනිල් වාදීන්ට මේ සුළු දෙය තේරුම් ගන්න බෑ!!
එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එයින් අවාසිය ඔවුන්ටමයි.
Deleteඇ බන් ඉකෝ... යුද්දෙ තිබ්බනම් මේ මොකුත් නෑනේ හිටන්..!! ආයේ අහවලක් කතා කරනවා හිටන්...!!
ReplyDeleteහැම වෙලාවෙම ලොකු ප්‍රශ්න තියෙන වෙලාවට පොඩි ප්‍රශ්න යටපත් වෙනවා.
DeleteNice explanation mate ! Keep it up !
ReplyDeleteThanks, Ano!
Deleteඅපූරුයි, බොහෝම සාධාරණ කෝනයකින් බලා ලිවූ ලිපියක්.
ReplyDeleteස්තුතියි, සිතුවිලි!
Deleteමධස්තව බලලා ලියපු ලිපියක්. ඇත්ත මාත් එකගයි. ඕනම දෙයක් ගැලපෙන තැනක් හා වෙලාවක් තියෙනවා. අන්න ඒක තේරුම් බේරුම් කර ගන්න පුළුවන් වෙන්න ඕන.
ReplyDeleteස්තුතියි, දිනේෂ්!
Deleteයම් යම් ප්‍රශ්න ගැන කතාකරන කොට අපි කරන මූලික වැරදි දෙකක් මම දකිනවා.
ReplyDelete1. විවේචනය තිබිය යුත්තේ කොයි මට්ටමේදැයි නොදැනීම
--------------------------
- භාෂි මධුභාෂිණීගේ ගීය රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ ගැන කතා කලයුත්තේ ඒ මට්ටමේ සිටය.
- දෙමළෙන් ජාතික ගීය ගැයීම දේශපාලන වැදගත් කමක් ඇති ජාතික තලයේ ප්‍රශ්නයකි.
- දන්නෝ බුදුන්ගේ ගීතය, අවස්ථානෝචිත බව / රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයකි.
අපේ බොහෝ විවේචන ප්‍රශ්න කරන්නේ ජාතකයයි නැතිනම් අදාල පුද්ගලයන් හට සත්ව නාම අදේශ වේ. භාෂාව කුණුහරුප ය.
2. ප්‍රතිචාරය මගින් ප්‍රශ්නය තේරුම් ගැනීමට යාම
---------------------------
මගේ වැඩි කණගාටුව මේ පිරිස ගැනය. කලින් කී පිරිස සමග යම් කිසි සංවාදයක් පවත්වාගෙන යා නොහැක. නමුත් මේ දෙවෙනි පිරිස සාමාන්‍යයෙන් සංවාදශීලී අයයි. මා දකින් අවුල නම්, ඔවුන් බොහෝ විට මුලින්ම දකින්නේ ඉහත ආකාරයේ ප්‍රතිචාරයි. ඔවුන් ඒ ප්‍රතිචාරයට විරුද්ධ ය (මෙය මට අනුවත් නිවැරදි විරුද්ධවීමකි ). නමුත් සිදුවන්නේ අර ප්‍රතිචාරය වැරදි නිසා ඊට විරුද්ධ වීමට ඒ සඳහා හේතු වූ සිද්ධිය නිවැරදි ය යන මතයට පැමිණීමයි. වැරදි ප්‍රතිචාරයට විරුද්ධ වීමට ඇති මග ලෙස ඔවුන් දකින්නේ, අර මුල් සිදුවීම නිවැරදි එකක් බවට තර්ක කිරීමයි. බොහෝ විට අර මුල කී ආකාරයේ වැරදි විවේචනයක් එල්ල වී නොතිබුණේ නම්, මේ සිදුවීම් ඊට වඩා මධ්‍යස්ථ ලෙස නිවැරදි තලයේ තබා විවේචනය කිරීමට ඔවුන් පෙළඹෙන බව මගේ විශ්වාසයයි.
මේ ලිපිය මේ දෙයාකාරයේම වැරදි වලින් තොරවීම පිළිබඳ සතුටුයි.
ඔබේ විශ්ලේෂණයට ස්තුතියි, තිසර! සමහර වෙලාවට අපි කවුරුත් ඔය වැරදි කරනවා.
Deleteබොහොම නිවැරදි දැක්මක්... ඔබේ ලිපිය කියෙව්වාම හිතේ අමුතු සතුටක් ඇතිවුනා.. සත්‍යය උනත් තර්කානුකූලව සහ ඉදිරිපත්කරන විලාශය අනුව කියවන්නාගේ මනස සතුටු කරන්න පුළුවනි..
ReplyDeleteක්‍රිශානි වගේ ජ්‍යාත්‍යන්තර නමක් තියන කෙනෙක් තමුන්ගේ දෙයක් ඉදිරිපත් කරන ස්ථානය ගැන තීරණ ගනිද්දී ඊට වඩා හුඟක් හිතන්න ඕන.
ස්තුතියි, අම්බලන්ගොඩ!
Deleteඑදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය ගොඩනඟා ඇත්තේ නාඩගම් සම්ප්‍රදාය ගුරු කරගෙන නමුත් එයින් රජකතා දේව කතා වැනි දේ මිස නූතන සමාජය ගැන කියවෙන නිර්මාණයක් කිරීම අපහසුයි. ඒ අතින් කෝලම් පම්ප්‍රදාය අදටත් වලංගුයි. දයානන්ද ගුණවර්ධන, ජනක් ප්‍රේමලාල්, රෝහණ බැද්දගේ වැනි අයගේ නිර්මාණ කෝලම් සම්ප්‍රදාය මත ගොඩනැගූ නිර්මාණ ලෙස සැලකිය හැකියි.
ReplyDeleteඔපෙරා ගැන සලකන විට එයත් ශෛලිගත නාට්‍ය වගේම මේ කාලයට නොගැලපෙන දෙයක්. ලංකාව වගේ යුරෝපීය නොවන රටකනම් ඔපෙරා කලාව වෙනම පැලැන්තියකට (ඔවුන්ගේ සමාජ තත්වය පෙන්වීම සඳහා) සීමා වීම පුදුමයක් නොවෙයි. එය කිසිදිනෙක ලාංකික සමාජය තුල හිට් වීමක් අපේක්ෂා නොකල යුතුයි.
සමාජයක් වෙනස් වන වේගයක් තියෙනවා. අඩු මාසෙන් ළමයි එළියට ගන්න හදන අවස්ථා ගොඩක් වෙලාවට අවසන් වන්නේ ඛේදවාචක වලින්.
DeleteEconge lipiya madhdyasthawa me prasnaya dihaa balana ayage prakaasanayak hatiyatai man dakinne.
ReplyDeletenidhahas dinayedi demalen jaathika geeya gaayana kireema ethaamath hondha kaalayata uchitha deyak hatiyatai mamanam dakinne.
Demalen gaayana kireema rajaya sanhidiyaawata, ekamuthu kamata death (hands) digu kireema kriyaawen kara penweemak.
aneth geetha deka pilibandha mage mathayanam,
geethayak wenaskara gaayanaa kireemedi palamu nirmaanaye (vikurthiyak nowana lesa) padhayata ha thanuwata haaniyak asaadharanayak nokara geethaya gaayana kalayuthu bawai.
ස්තුතියි, සෙනරත්!
Deleteබොහොම සමබර , වැදගත් කරුණු ඉදිරිපත්කිරීමක්! හොඳම ලිපියක් මේ ගැන කියෝපු...
ReplyDeleteස්තුතියි, උපේක්ෂා!
Deleteපට්ට කරුණු පැහැදිලි කිරීමක්...
ReplyDeleteඋපරිම සාධාරණව ලියල තියෙනවා...
///රටේ යහපත වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් විරුද්ධ වන පිරිස් නොතකා එය කිරීම හොඳ දෙයකි. එහෙත්, අවසාන වශයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන දෙයකට නිකං කොකු දමා ගැනීමට යාම පිස්සු වැඩකි. බටහිර දේවල් වැළඳගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ඇති බැවින් මිස බටහිර දේවල් වීම නිසා නොවේ. හැම කෙහෙම්මලම බටහිරකරණය කරන්නට යාමත් බටහිර විරෝධය මෙන්ම පිස්සුවකි.
///
මෙන්න මේ කොටස වඩා වැදගත්. හොඳ එකටයි නරක දේටයි හැම එකටම හෝයි ගාන එවුන්ට හොඳ කණේ පාරක්...
ස්තුතියි, ලොකු පුතා!
Deleteබොහොම මැදහත් කරුණු පැහැදිලි කීරීමක්...
ReplyDeleteස්තුතියි, සජ්ජා!
Delete/ රටේ යහපත වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් විරුද්ධ වන පිරිස් නොතකා එය කිරීම හොඳ දෙයකි. එහෙත්, අවසාන වශයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන දෙයකට නිකං කොකු දමා ගැනීමට යාම පිස්සු වැඩකි. බටහිර දේවල් වැළඳගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ඇති බැවින් මිස බටහිර දේවල් වීම නිසා නොවේ. හැම කෙහෙම්මලම බටහිරකරණය කරන්නට යාමත් බටහිර විරෝධය මෙන්ම පිස්සුවකි./
ReplyDeleteඉතාම ප්‍රශස්තයි. සම්පූර්ණයෙන්ම එකඟයි...:)
හන්තාන අඩවියේ ගීතය ගැන වචනයක්....සුනිල් ආරියරත්න කියන්නෙ අනුපමේය හැකියාවන්ගෙන් යුත් පුද්ගලයෙක් වගේම කල දුටුකල වල ඉහගැනීමේ උපන් හපන්කකම් සහිත ශූර වෙළෙන්දෙක්. කාලෙන් කලෙට මාකට් කරන්නට පුලුවන් මොනවද කියල හඳුනාගැනීමේ හොඳ ඉවක් ඔහුට තියනව. පරාක්‍රම බාහු වැඩේ නැඟල ගියානම් ඊලඟට මහ පැරකුම්බා කියල ෆිල්ම් එකක් ගහන්නෙ වෙන කවුරුත් නෙවෙයි සුනිල් ආරියරත්න. ඒ හින්ද ඇත්තම කියනව නම් හන්තාන අඩවියේ ගීතය විකෘති කිරීම පිළිබඳව මට ඇත්තෙ කුරිරු සතුටක්
ඔබ ඉතා නිවැරදිව පවසා ඇති පරිදි කලා රසඥතාවය ඉතාම පෞද්ගලික කටයුත්තකි.එබැවින් මේ මගේ අදහසයි....:)
ඉතාම විෂයමූලික සහ අපක්ෂපාත විශ්ලේෂණයක් පිළිබඳව යලිත් මගේ ස්තූතිය!!!
//සුනිල් ආරියරත්න කියන්නෙ අනුපමේය හැකියාවන්ගෙන් යුත් පුද්ගලයෙක් වගේම කල දුටුකල වල ඉහගැනීමේ උපන් හපන්කකම් සහිත ශූර වෙළෙන්දෙක්. කාලෙන් කලෙට මාකට් කරන්නට පුලුවන් මොනවද කියල හඳුනාගැනීමේ හොඳ ඉවක් ඔහුට තියනව.// මෙයට මමත් එකඟයි. හැබැයි එහි ඇති වරදක් නැහැ. මාකට් කිරීම නිසා ඔහුගේ හැකියාවෙන් තමන්ටත් අනුන්ටත් ලැබෙන ප්‍රයෝජනය වැඩියි. ඒ ඒ කාලෙට විවිධ කණ්ඩායම් ඔහු ආකර්ෂණය කර ගන්නවා. ඉදිරියේදී සමහර විට මේ ශෛලියේ ගීත එළියට දමන්නත් පුළුවන්.
Deleteසතුටුයි.. ලිපිය හා සුවපහසුවෙන්ම එකඟයි.කොමෙන්ට් හරහාත් එය තහවුරු උනා.දවසේ වියදමට සපයන මාතෘකා වල පැටලෙමින් ඔබ වැනි කෙනෙකුගෙ වටිනා මාතෘකාවකට වැය වැයයුතු කාලය නාස්ති වීම ගැන දුකක් තියෙනවා.ඒ අතින් නම් වත්මන් ආණ්ඩුව සාර්ථකයි.
ReplyDeleteජයවේවා..!!