වෙබ් ලිපිනය:

Thursday, January 19, 2023

උද්ධමනය පාලනය කිරීමට පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි?

මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව අපි දන්නවා. උද්ධමනය පාලනය කිරීමට මුදල් සැපයුම පාලනය කළ යුතු බවත් දන්නවා. එහෙමනම්, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි? පොලී අනුපාතික හා මුදල් සැපයුම අතර සම්බන්ධය කුමක්ද? පොලී අනුපාතික වැඩි නොකර උද්ධමනය පාලනය කරන්න බැරිද? 



6 comments:

  1. ජිවිතයේ හැමදාමත් දුක ලැබෙන්නේ නැහැ

    උද්දමනය වැඩි දවසට සැප ලැබෙන්නේ නැහැ

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා, ජවිපෙ ජාතික ජන බලවේගයේ නිල නායකත්වය දරන අනුර කුමාර දිසානායක සහෝදරයා හැමෝටම සමාන මට්ටමෙන් සලකන සමානාත්මතාවය සහිත ආර්ථිකයක් ගොඩ නගන බවට පවසන්නේ. නමුත් මගේ හැඟීම අනුව එම ක්‍රමය සාමාන්‍යයෙන් සාර්ථක වන්නේ නැති බවයි.

    එමෙන්ම මා මීට අදාළව අසා ඇති කතාවක් කියන්න පුළුවන් එම කතාවේ හැටියට එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

    ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්. මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -

    "හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

    ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

    ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

    ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,
    "ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

    අවසානයේදී ඔහු මෙහම කියනවා, " කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

    රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්,
    රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

    මේ කතාවෙන් ලංකාවේ වගේ සමාජවාදී අදහස් වලින් පිරුණු අයගේ බලපෑම් වලට ලක් වෙමින් කටයුතු කරන රජයක් ඇති ලංකාවේ ජනතාවට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලයි මගේ අදහස. හොදට හිතලා බලන්න. මම හිතන්නේ සමානාත්මතාව ගැන කතා කරන අය ආර්ථිකය සම්බන්ධයෙන් මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම ගැන කල්පනා කරලා අධ්‍යනයක් සහිතව තීන්දු තීරණ ගැනීමට අවශ්‍යයි කියලයි මගේ අදහස, ඔබ හිතන්නේ කුමක්ද මේ පිළිබඳව?

    - Binura Yasas

    ReplyDelete
  3. මේ විඩියෝ එක අද බැලුවේ, පොඩි ප්‍රශ්න වගයක් තිනවා අහන්න,


    1. නිත්‍ය පොළී අනුපාත ( ණය හා තැන්පතු ) හා ප්‍රතිපත්ති පොළි අනුපාත අතර ප්‍රධාන වෙනස මොකක්ද ?
    2. ආර්ථික වර්ධනයක් තියෙන්න නම් , මුදල් සැපයුම කොහොමත් වැඩි කල ය්තුද ?
    4. ආර්ථික වර්ධනය හා උද්ධමනය අතර අනුලෝම සමාපාතිකව ද ක්‍රියා කරන්නේ ??


    මේ ප්‍රශ්න මේ විඩියෝවෙන් පස්සේ මට ආව, පොඩි වෙලාවක් අරන් පිලිතුරු දිය හැකිද ?

    ReplyDelete
    Replies
    1. 1. දෙකම එකයි. ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ පොදු නම. ඕනෑම රටකට, ඕනෑම කාලයකට අදාළව. මේ වන විට ලංකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ නිත්‍ය පොළී අනුපාත (ණය හා තැන්පතු) වලට.

      2. එවැනි අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. මුදල් කියා දෙයක් නැති කාලයේදීත් ආර්ථිකයන් වර්ධනය වුනා. ඇත්තටම වෙන්නේ අනෙක් පැත්ත. ආර්ථිකය වර්ධනය වෙද්දී මුදල් ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනය ඇති නොවී මුදල් සැපයුම යම් තරමකින් වැඩි කළ හැකි වෙනවා.

      3. එය ටිකක් සංකීර්ණයි. ආර්ථික වර්ධනය තරමට මුදල් සැපයුම වැඩි කළොත් උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. ඊට වඩා මුදල් සැපයුම වැඩි කරද්දී උද්ධමනය ඉහළ යනවා. මුදල් සැපයුම ප්‍රමාණවත් නැති වුවහොත් අවධමන තත්ත්වයක් ඇති වෙනවා. කෙටිකාලීනව යම් අනුලෝම සම්බන්ධතාවයක් තිබුණත් දිගුකාලීනව මුදල් සැපයුම හා ආර්ථික වර්ධනය අතර එවැනි සම්බන්ධයක් නැහැ. "සාර්ව ආර්ථික තුලනය" වීඩියෝ එක බැලුවොත් තව ටිකක් පැහැදිලි වෙයි.

      Delete
  4. ප්‍රතිපත්ති පොළි අනුපාත 14-15 % මට්ටම් වල තියාගෙන, භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර පොලි අනූපාත සීයට තිස් ගන්න වල තියා ගන්න පුළුවන් ද?

    ප්‍රතිපත්ති පොලී අනුපාත වලට වඩා ඒවා අඩු වෙන්න නෙමෙයි ද අවශ්‍ය ???

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්ති පොලී අනුපාතික දෛනික ණය පොලී අනුපාතික (දින-1) . බිල්පත් අඩු වශයෙන් දින-91. ඒ නිසා spread එකක් තියෙන්න පුළුවන්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: