නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 83ක් හා ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර නොවැම්බර් මාසය තුළද විදේශ සංචිත ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ එම මාසය තුළද යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1,705 දක්වා පහත වැටී තිබුණු අතර 2023 ජූලි වන විට ඩොලර් මිලියන 3,765 දක්වා වර්ධනය කර ගැනුණා. එහෙත්, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමෙන් පසුව ආසන්න වශයෙන් එපමණකින් පහත වැටුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුයි. මේ සඳහා මෙම මාසය තුළ ඩොලර් මිලියන 847ක සංචිත එකතු කර ගත යුතුයි. ඉදිරි සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණද, ඉලක්කයට යාම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් පමණ සොයා ගන්නට වෙනවා. ඇතැම් විට ආසියානු සංවර්ධන බැංකුවේ ණයකින් එම අඩුව පුරවා ගැනීම සැලසුම විය හැකියි.
මහබැංකුව මේක ෆොරෙක්ස් මාකට් එකෙන් ගන්න බලයිද? එහෙම උනොත් ඩොලර් එක තව ටිකක් ශක්තිමත් වෙයි නේද..
ReplyDeleteපහුගිය ටිකේ ඩොලර් එක ටිකක් නැග්ගා. ඒක උනේ මහබැංකුව වෙලදපොලෙන් ඩොලර් මිලදී ගන්ත නිසාද - Mayya
මේ තරම් ප්‍රමාණයක් මාසයක් ඇතුළත මාකට් එකෙන් ගන්න අමාරුයි (බැහැ).
Deleteඅල්ලයි නං මීයො මැටි බළලත් හොඳය
ReplyDeleteකෙක්කෙන් බැරි තැනදි කොක්කත් ගැලපේය
උගුල නරක විට හබකෙන් පල ඇතිය
කොහොමෙන් වුණත් රට ගොඩ ගියොතින් ඇතිය!
++
ReplyDelete1948 ලංකාවට නිදහස ලැබුනේ නැත්නම් ලංකාව ආර්ථිකව ඉතාම දියුණු රටක් වන්නට තිබුනද?
ReplyDeleteවැඩි ප්‍රතිශතයකින් ඔව්.
Delete@ Ano 1.15
Deleteනෑ ලංකාවට එහෙම නම් නිදහස ඊටවඩා ටිකක් පහු වෙලා ලැබෙයි, නමුත් ඊට පස්සෙ ලංකාවටත් වෙන්නේ සිම්බාබ්වේ රටට වෙච්ච දෙයට සමාන දෙයක්
බ්‍රිතාන්‍ය හා සමාන යුරෝපීයයන්ගේ පාලනය දිගටම තිබුණ නවසීලන්තය පවා හැත්ත ගණන් වල විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දුන් නමුත් වාසනාවකට වගේ නවසීලන්තය විශාල වශයෙන් ස්වභාවික සම්පත් ඔප්ෂන් natural gas, agricultural lands renewable energy වගේ ගොඩක් දේවල් තිබුණ නිසාත් හැත්තෑව දශකයේ අග භාගයේ විශාල අවදානමක් අරගෙන කරපු think big ව්‍යාපෘති පවා අසූ ගණන්වල නැවත බිඳවැටී පසුව පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඉඩ දීමත් නව අපනයන මාකට් ලෙස චීනය සහ අග්නිදිග ආසියාවේ රටවල අපනයන වෙළඳ පොළ විවරවීමත් නිසා ඒවා සාර්ථක වුණ නිසා යන්තම් ගොඩ දාගන්න පුළුවන් වුණා.
ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ නවසීලන්තය විශාල වශයෙන් ස්වභාවික සම්පත් සංචාරක ව්‍යාපාරයට සුදුසු වීම සහ දක්ෂ ප්‍රතිපත්ති නිසා සාර්ථක වෙච්ච යුරෝපීය සෙට්ල්මන්ට් රටවල්
ආසියාව තුල සිංගප්පූරුව හොංකොං වගේ කුඩා නගර රාජ්‍ය චීන ජාතික පාලකයන් විසින් බටහිර රටවල උපකාර සහිතව දැඩි පාලනයකින් සහ චීනය සමාජවාදී වීම නිසා නිදහස් වෙළද පොළ න්‍යාය හා භාවිතාව පිළිබඳව විශ්වාස කරන ධනවත් චීන ව්‍යවසායකයන් ආයෝජන කරන්න ඇවිත් ගොඩනැගූ ආර්ථික.
එහෙම විශේෂ ආර්ථික වටිනාකම් හෝ බලශක්ති ප්‍රභවයන් නැති ලංකාව වගේ රටක ඕනනම් ඛණිජ තෙල් පිරිපහදු වගේ කර්මාන්ත වලට ඉඩ තියෙනවා නමුත් සිංගප්පූරුවේ පිහිටීම හා මලක්කා strait එකේ පිහිටීම නිසා ground of strategic importance අතින් අඩුයි
සමහර වෙලාවට උතුරේ යුද්ධය තිබුණේ නැත්නම් ලංකාවට මීට වඩා සංචාරක ව්‍යාපාරය වගේ දේවලින් යම් සංවර්ධනයක් අත් කරගන්න තිබුණා නමුත් ලංකාව යුරෝපීයයන්ට දිගටම ඉන්න වඩාත් සුදුසු රටක් ලෙස ඔවුන් තේරුම් නොගත් අසාර්ථක රාජ්‍යයක්. මධ්‍යම කඳුකරයේ තේ වගාව තරමක් දුරට සාර්ථක වුණත් එය එතරම් අනාගතයක් නැති කර්මාන්තයක් ලෙස දෙවන ලෝක යුද්ධයේ නිමාව සමග එවකට ලංකාවේ හිටපු යුරෝපීයයන් වූ බ්‍රිතාන්‍යයන් තේරුම් ගෙන තියෙනවා
ලංකාව හැර දමා මාත් විදේශ ගත වුණේ ලංකාවේ අනාගත ආර්ථික ස්ථාවරත්වය හා ආර්ථික සමෘද්ධිය ගැන මනා අධ්‍යනයකට පසුයි.
නමුත් ඉදිරියේ ඉන්දියාව බලවත් ධනවත් රටක්ශවු පසු ඔවුන් දැනට පවතින පටු ආත්මාර්ථකාමී ආර්ථික අරමුණු වෙනස් කර යුරෝපීය රටවල් සහ එක්සත් ජනපදයේ වගේ වඩා ලිබරල් ෆ්‍රී මාකට් ඉකොනොමි එකක් ක්‍රියාත්මක කළොත් ලංකාවට අනාගතයක් තියෙන්න පුළුවන් නමුත් ඒක වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් අඩු බවයි පේන්නේ එහෙම නේද?
බ්‍රිතාන්‍ය පාලනය යටතේ රාජ්‍ය මැදිහත්වීම ඉතා කුඩා ප්‍රමාණයක් විය හැකිව තිබුණි. නිදහස් වෙළදපල ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණි. අධ්‍යාපනය/සෞඛ්‍ය/ප්‍රවාහනය වැනි බොහෝ දේවල් නොමිලේ හෝ රාජ්‍යක වගකීම් නොවනු ඇත. සමෘධි,ජනසවිය වැනි නිෂ්ඵල නොමිල සහන ලබා නොදෙනු ඇත. මේ සා විසල් නිෂ්ඵල රාජ්‍ය සේවයක් නොපවතිනු ඇත. කොටින්ම වසර 30 ඇදී ගිය යුද්ධයද පැන නොනගිනු ඇත. තේ වෙනුවට විකල්ප ආයෝජන අවස්ථා ඹ්නෑ තරම් හදුනාගනු ඇත. ඉංග්‍රීසි භාෂාව හැම කෙනෙක්ම ඉගෙනගෙන ලොව දැණුම අකහා ගන්නවා ඇත. දකුණු අප්‍රිකාව, ඹ්ස්ට්‍රේලියාව දියුණු වී ඇත්තේ ස්වාභාවික සම්පත් නිසාම නොවේ.
Deleteඉකොනොමැට්ටා ලංකාවේ අදත් රටපුරා විදුලිය විසන්ධි වුණා බ්ලැකවුට් එකක් වගේ මේසැරේ කොත්මලේ බියගම ලයින් එක කැඩිලා කියලා ලංවිම කියනවා.
ReplyDeleteනමුත් මීට වඩා පුළුල් ලෙස කල්පනා කරලා බලන්න ඕනේ මගේ අවබෝධය අනුව උදාහරණ ලෙස ලංකාවේ දේශපාලකයින්ගේ සහ නිලධාරීන් ගේ අදූරදර්ශී, දූෂිත සහ මුග්ධ වැඩ සහ පාලනය නිසා දහසකුත් එකක් අපහසුතා වලට අමතරව පහුගිය වසරේ පෝලිම් වලත් දුක්විදින්න වුණ මගේ බහුතර මිත්‍රයෝ ගැන අතිශයින්ම කණගාටුයි 😭
මේ තත්වෙන් වැළකෙන්න කළ යුතු දේවල් ගැන මම පෞද්ගලිකව දසදහස් පාරකට වඩා ලියලා කියවල, රජය සහ නිලධාරීන් සමගත් වසර ගණනාවක් තිස්සේම කතා කළා.
ඒ වගේම ආනයනික ඉන්ධන මත නොයැපී ඉන්න, පහුගිය කාලේ දුන්න ඉන්ධන කෝටා එකෙන් තෙල් නොගෙන වැඩකරන්න සහ ඉන්ධන වියදමක් නැති වුණත් පාපැදිවලින් සහ පොදු ප්‍රවාහනය පාවිච්චියේ සිට පෞද්ගලිකව මට කරන්න පුළුවන් හැම දේමත් මම කළා.
මට නම් රජයේ විදුලියත් එපා ඉන්ධනත් එපා ගෑස් එපා. නමුත් ප්‍රශ්නෙට උත්තරය අපි වගේ පෞද්ගලිකව ස්ථාපිත කුඩා off-grid ඒකක පමණක් නෙමෙයි.
මීට වඩා මහාපරිමාණ පුනර්ජනනීය විසඳුම් රජය මගින් මහා පරිමාණව රට පුරාම ස්ථාපනය විය යුතුයි. විදේශ ණය ගන්නවානම් පළමු ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් අවශ්‍ය grid updates වලට සහ පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම වගේ දේවල් යොමු කරන්න ඕනේ.
ජාතික ප්‍රතිපත්තියක් ලෙස ලංකාව සියලු ආනයනික ඉන්ධන මත යැපීම නැවැත්විම අරමුණුකළ යුතුයි! විදුලි දුම්රිය බස්රථ වගේම පුනර්ජනනීය විදුලි බල ශක්තියත් සුලභ විය යුතුයි.
අවම වශයෙන් රජය මැදිහත්වී ADB IBRD වගේ ආයතනයක සහායෙන් ලංකාවේ දැන් තියන විදුලි රථ වලටවත් අවශ්‍ය බැටරි ආනයනය පහසු කළොත් තවත් වියදම් කිරීමේ හැකියාව තියෙන පණස් දාහකට වත් අඩුම තරමේ පෞද්ගලිකව හෝ බලශක්ති සුරක්ෂිතතාව ළඟා කරගන්න පුලුවන් වෙයි. ඒවායින් ඉවත්වෙන බැටරි ත් තවත් දශකයක් වත් අවමවශයෙන් රටපුරා නිවෙස් දසදහස් ගණනක් රෑ පීක් ටයිම්වලදී බලගන්වයි. ඒක රටටම අතිවිශාල ඉන්ධන ඉතිරියක්, විශාල වාසිසහගත ආයෝජනයක්! මේක මගේ අවමය වූ පණස්දාහක් නෙවෙයි තව ලක්ෂ දෙකහමාරක් ඉක්මවන පවුල් ගණනාවකට කරන්න පුළුවන් වෙයි අඩු වැඩි වශයෙන්.
මම මේ මගේ ඕෆ්ග්රිඩ් එකෙන් විතරක්ම ලංකාවේ ඉන්නගමන්ම සෑම මාසෙකදීම ලංවිම මගින් විදේශ විනිමය නාස්තිකර ආනයනික ගල්අඟුරු ඉන්ධන දවමින් හදන මිලාධික විදුලි ඒකක පන්සියයක් ඉක්මවා ඉතුරු කරනවා! ඒ සමගම මගේ නිසාන් ලීෆ් එක සහ උසස් තත්වයේ පාපැදියෙන් පෙට්‍රල් ලීටර් 200 ක් අවමය ඉතුරු කරනව. විදුලි උඳුන්මගින් ගෑස් කිලෝ 13 ක් ඉතුරු කරනව! ඒ සියල්ල ලංකාවට අගනා විදේශ විනිමය! නමුත් අපට කිසි ඇගයීමක් නෑ ලංකාවේ, තව ඕන නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපට තවත් බද්දක් අය කිරීමට යෝජනා කරාවි. ඕක තමයි ලංකාවේ ආණ්ඩුව දැන් විශ්වාස කරන එකම ඔප්ෂන් එක. හැම මගුලටම බද්දක් අය කරාම සේරම හරි. මේක ගැන ඔබේ අදහස් මොනවා ද ඉකොනොමැට්ටා?
2024 අයවැය අනුව විවාදයට තුඩු දී තිබෙන වැට් බදු සම්බන්ධයෙන් අදාළ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
ReplyDeleteඒ අනුව අද පාර්ලිමේන්තුවට විශේෂ දිනයක් ලෙස දැක්විය හැකිය.
24%කින් වැට් බදු ඉහළ යන බවට මේ වන විටත් ප්‍රචාරය වෙමින් තිබෙන අතර දිගින් දිගටම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙන්ම රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේද ප්‍රචාරය වී තිබෙන පරිදි වැට් බදු ඉහළ යමක් නොවන බවත් බදු දැල ශක්තිමත් කිරීම පමණක් රජයේ අරමුණ වන බවයි.
ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.
අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින 15%ක වැට් බද්ද 18%ක් දක්වා ඉහළ යනු ඇත.
ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබේ.
ඒ අනුව මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ සඳහා වැට් බදු පැනවීමට නියමිත අතර මෙරට වගාකරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන “පෝෂ” කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර ද වැට් බදු සඳහා යටත් කිරීමට යෝජනා වී ඇත.
වෛද්‍ය උපකරණ, ගිලන් රථ, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් ද එම බදු පැනවීමට යටත් කිරීමට ද යෝජනා කර තිබේ.
කෙසේවෙතත් විදුලි ගාස්තු සඳහා වැට් බදු පැනවීම සිදු නොවන අතර ආනයනයේදී පැනවෙන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් යන භාණ්ඩවලින් ඉවත් කිරීමට යෝජිතයි.
දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදනයන් ද නව වැට් බදු පැනවීමට යටත් වන අතර තිරිඟු, තිරිඟු පිටි හෝ කිරිපිටි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නව වැට් බදු සංශෝධනයෙන් නිදහස් කිරීමට පියවර ගැනීමටද නියමිතයි.
කෙසේවෙතත් අයවැය යෝජනාව අනුව වැට් බද්ද මෙතෙක් අදාළ නොවුණු ක්ෂේත්‍ර වෙතද අදාළ කර තිබීම නිසා එය පෙරළා මහජනතාවට දැනෙනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.
..........
ඉකොනෝ,
වැට් බදු නව ප්‍රතිපත්තිය නිසා අපිට සිදුවන බලපෑම කෙසේද? භාණ්ඩ මිල, ඉන්දන මිල ඉහල යයිද?
ඉහල යන වැට් බද්දෙන් නිදහස් වීමට නම් රු. 10,000 රාජ්‍ය සේවක දීමනාව ඉවත් කරන ලෙසත් රාජ්‍ය සේවකයන් සoඛ්‍යාව පහත හෙලන ලෙසත් අඛණ්ඩව රජයට බලපෑම් කල යුතුය...
ReplyDelete