මේ සමඟ පළ කර තිබෙන, රූප සටහනේ තිබෙන මහ බැංකුව විසින් පිළියෙළ කර ඇති ප්‍රස්ථාර දෙකෙන් වම් පැත්තේ ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ පෙර වසරේ අනුරූප කාර්තු වලට සාපේක්ෂව පසුගිය කාර්තු 11ක ආර්ථික වර්ධන වේගයන්. මම හිතන්නේ ආර්ථිකය පල්ලම් බහින්න පටන් ගැනීම සහ නැවත ගොඩ යන්න පටන් ගැනීම සිදු වූ කාල වකවානු එහි පැහැදිලිව පේනවා.
දකුණු පැත්තේ ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ 2015 තෙවන කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා තෙවන කාර්තු තුළ රටේ ආර්ථිකයේ ප්‍රමාණය. එහෙමත් නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය. 2019 දක්වා, තෙවන කාර්තු තුළ, ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. එය සාමාන්‍යයෙන් සිදු වන දෙය. එහෙත්, 2020 සිට 2022 දක්වා ආර්ථිකයේ ප්‍රමාණය ටිකෙන් ටික කුඩා වෙනවා. 2023 වන විට මේ ප්‍රවණතාව වෙනස් වී තිබුනත්, දැනටත් ඉන්නේ 2015දී හිටපු තැනටත් වඩා පහළින්.
මේ දකුණු පැත්තේ ප්‍රස්ථාරයේ තිබෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. ඒ කියන්නේ උද්ධමනය නිසා සිදු වූ මිල ඉහළ යාමේ බලපෑම් මෙහි නැහැ. ඒ නිසා, මෙයට උද්ධමනය අමුතුවෙන් ගාවගන්න අවශ්‍ය නැහැ. සියලුම සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබෙන්නේ 2015 රුපියල් වලින්. 2023 වෙන විට රුපියලක වටිනාකම 2015 වටිනාකමෙන් 42.7%ක් පමණයි. වෙනත් විදිහකට කිවුවොත්, 2015 රුපියලක් 2023 රුපියල් 2.34ක් පමණ වටිනවා. ඒ නිසා, මේ ප්‍රස්ථාරයේ පෙන්වන සංඛ්‍යාලේඛණ 2023 රුපියල් වලට හරවන්න 2.34න් වැඩි කරන්න වෙනවා. 2023 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දැන් වටිනාකම ලැබෙන්නේ එවිටයි. මෙම අගය, ඒ කියන්නේ 2023 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දැන් වටිනාකම, රුපියල් බිලියන 6,906.9ක්.
දකුණු පැත්තේ ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි තෙවන කාර්තුවක් තුළ ලංකාව වැඩිම දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කර තිබෙන්නේ 2019 වසරේදී. එම අගය 2023 රුපියල් වලට පරිවර්තනය කළොත් රුපියල් බිලියන 8,022.5ක්. ඒ කියන්නේ, 2022 තෙවන කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා ආර්ථිකය යම් තරමකින් වර්ධනය වීමෙන් පසුවත්, 2019ට සාපේක්ෂව තවමත් ඉන්නේ රුපියල් බිලියන 1,115.6ක් පසුපසින්. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 13.9%ක් පසුපසින්.
මෙම ප්‍රතිශතය, සාමාන්‍ය අගයක් ලෙස, වියදමට සාපේක්ෂව රටේ ජනතාවගේ ආදායම් අඩු වීම කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ ජීවන තත්ත්වය පහත වැටීම පිළිබඳ නිර්ණායකයක් කියා කියන්න පුළුවන්. ඒ අනුව, දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න ප්‍රමාණය ඉහළ ගොස් තිබිය යුතුයි. එවැනි වෙනත් නිර්ණායකද 2019ට සාපේක්ෂව තවමත් නරක මට්ටමක තිබිය යුතුයි.
අඩු වශයෙන් 2019දී හිටපු තැනට යන එක කොයි තරම් අමාරුද?
සංසන්දනාත්මක ලෙස, 2019 හා 2023 තෙවන කාර්තු වල දළ දේශීය නිෂ්පාදිතයන්හි සංරචක දිහා බැලූ විට මේ ගැන අදහසක් ගන්න පුළුවන්. මූලික මට්ටමේදී දළ දේශීය නිෂ්පාදිතය සංරචක හතරකට කඩනවා. ඒ කෘෂිකාර්මික, කාර්මික, සේවා සහ ශුද්ධ බදු විදිහට. එහෙම වෙන් කළාට පස්සේ රුපියල් බිලියන 1,115.6ක අඩුව බෙදී යන්නේ පහත ආකාරයටයි.
කෘෂිකාර්මික නිෂ්පාදිතය - රුපියල් බිලියන 17.5
කාර්මික නිෂ්පාදිතය - රුපියල් බිලියන 575.0
සේවා නිෂ්පාදිතය - රුපියල් බිලියන 174.0
ශුද්ධ බදු - රුපියල් බිලියන 349.2
දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටීමට, එහි සංරචක අතරින්, ශුද්ධ බදු පහත වැටීම සැලකිය යුතු ලෙස දායක වී තිබෙනවා. පසුගිය වසර තුළ බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමෙන් පසුවත් මෙය මෙසේ වුනේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේ සංරචකයට ඇතුළත් වෙන්නේ නිෂ්පාදන මත වක්‍ර ලෙස අය කරන බදු වලින් එම නිෂ්පාදන වෙනුවෙන් ලැබුණු සහනාධාර අඩු කළ පසු ගණන. සහනාධාර ලොකුවට වැඩි වුනෙත් නැති නිසා මේ කාණ්ඩයට වැටෙන බදු වල සැලකිය යුතු අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. බදු ක්‍රමය වෙනස් කිරීම නිසා මෙවැන්නක් වුනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන බදු වැනි තිබුණු බදු අහෝසි කර ඒ වෙනුවට වැට් වැනි වෙනත් බදු පැනවීම නිසා. එහෙම නැත්නම් මෙහි තිබෙන්නේ ආනයන මත පනවන බදු වලින් රජයට ලැබුණු ආදායම අඩු වීම වෙන්නත් පුළුවන්.
සිදු වුනේ දෙවැන්නනම්, 2019දී හිටපු තැනට යන්න ආනයන ඉල්ලුම නැවතත් 2019 පැවති මට්ටමට පැමිණිය යුතුයි. විශේෂයෙන්ම වාහන ආනයන. මේ වැඩේ වෙන්න විදේශ අංශය නැවතත් 2019 තරමටම ස්ථායී හා සක්‍රිය විය යුතුයි. ඒ වගේම, ආනයන ඉල්ලුම 2019 මට්ටමට ඉහළ යන තරම් රටේ ආදායම් මට්ටම ඉහළ යා යුතුයි. මේ ටික වෙන්නනම් ආර්ථිකයේ ඉතිරි කොටස් තුනත් 2019 මට්ටමට පැමිණිය යුතුයි. අනෙක් අතට, මේ වෙනසට හේතුව බදු ක්‍රමයේ වෙනසක් සංඛ්‍යාලේඛණ තුළ පිළිබිඹු වීමක්නම්, මේ සංරචකය නැවත 2019 මට්ටමට ඉක්මණින් තල්ලු කළ හැකි යාන්ත්‍රණයක් නැහැ. ඔය දෙකෙන් කොයි එක වෙලා මෙම කොටස පහළ ගියත් තවත් අවුරුදු කිහිපයක් යන තුරු 2019 හිටපු තැනට එන්න අමාරුයි.
මීට සාපේක්ෂව, කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වෙලා තියෙන්නේ ඉතාම සුළුවෙන්. මේ සංරචකය ඇතුළට ගිහින් එහි අනු සංරචක දිහා බැලුවහම, කරදිය ධීවර නිෂ්පාදිතයේ රුපියල් බිලියන 25.2ක අඩුවීමක් පේනවා. පළතුරු නිෂ්පාදිතයත් බිලියන 14.8කින් අඩු වෙලා. මේ අඩු වීම් වලට ආර්ථික අර්බුදයේ ලොකු බලපෑමක් තිබෙනවා කියා හිතන්න අමාරුයි. කාලගුණ තත්ත්වය වැනි වෙනත් කරුණු නිසා නිෂ්පාදිතය අඩු වුනා වෙන්න පුළුවන්. කෘෂිකාර්මික නිෂ්පාදිතය තවත් බිලියන 17.5කින් වැඩි කරගෙන 2019 තෙවන කාර්තුවේදී හිටපු තැනට යන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මොකද කරදිය ධීවර නිෂ්පාදිතය හා පළතුරු නිෂ්පාදිතය ඉවත් කළොත්, 2019ට සාපේක්ෂව, කෘෂිකාර්මික නිෂ්පාදිතය රුපියල් බිලියන 22.5කින් වැඩි වෙලා.
දළ දේශීය නිෂ්පාදිතය කඩා වැටීමට ලොකුම දායකත්වයක් සපයා තිබෙන්නේ කාර්මික නිෂ්පාදිතයේ කඩා වැටීම. මේ සංරචකය ඇතුළට ගිහින් බැලුවහම ඉදි කිරීම් අංශයේ කඩා වැටීම කැපී පෙනෙනවා. එය එසේ සිදුව ඇති බව කාට වුනත් පැහැදිලි දෙයක්. කැණීම් හා ගල් කැඩීම් කර්මාන්තයේත් විශාල පසුබෑමක් තිබෙනවා. එයත් ඉදි කිරීම් පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස සලකන්න පුළුවන්. ඇඟලුම් නිෂ්පාදන හැර අනෙකුත් බොහොමයක් නිෂ්පාදන ක්ෂේත්‍ර වල පොදු වශයෙන් දැකිය හැක්කේද පසුබෑමක් වුවත්, පැහැදිලි ලෙස කැපී පෙනෙන්නේ ඉහත අංශ දෙකේ කඩා වැටීමයි. රුපියල් බිලියන 575.0 කින් පහත වැටුණු කාර්මික නිෂ්පාදිතය පහත ආකාරයෙන් කොටස් කළ හැකියි.
ඉදිකිරීම් අංශයේ නිෂ්පාදිතය - රුපියල් බිලියන 355.6
කැණීම් හා ගල් කැඩීම් අංශයේ නිෂ්පාදිතය - රුපියල් බිලියන 107.8
අනෙකුත් සියලු කාර්මික නිෂ්පාදිත - රුපියල් බිලියන 111.6
ඉදි කිරීම් අංශයට කෙටි කලක් තුළ නැවතත් 2019 හිටපු තැනට යන්න පුලුවන්ද? මෙය පහසුවෙන් සිදු විය හැකි දෙයක් කියා මම හිතන්නේ නැහැ. මෙහි සෑහෙන තරමකට තිබුණේ රජය මුල් වී, විදේශ ණය අරගෙන කළ දේවල්. වසර කිහිපයක් ඇතුළත ඒ හිටපු තැනට නැවත යන්න ප්‍රායෝගිකව පුළුවන්කමක් නැහැ.
ඊළඟට අපි ඉතිරි වී තිබෙන සේවා අංශය දෙස බලමු. එහි පහත වැටීමෙන් සැලකිය යුතු කොටසක් නිවාස හා දේපොළ වෙළඳාම් හා අදාළ සේවාවන්. ඉන් පසුව බැංකු හා මූල්‍ය සේවාවන් හා රක්ෂණ සේවා සැපයීම්. නවාතැන් හා ආහාරපාන සැපයීම් සේවා වලද පහත වැටීමක් තිබෙනවා.
නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් බිලියන 69.7
බැංකු හා මූල්‍ය - රුපියල් බිලියන 38.2
රක්ෂණ හා විශ්‍රාම අරමුදල් - රුපියල් බිලියන 27.5
ආහාරපාන හා නවාතැන් - රුපියල් බිලියන 25.8
අනෙකුත් සේවා අංශ - රුපියල් බිලියන 12.7
ආහාරපාන හා නවාතැන් සේවා සැපයීම් අඩුවීම තුළ පිළිබිමු වෙන්නේ සංචාරක කර්මාන්තයේ පසුබෑම. සංචාරකයෝ එන එක ඉහළ යද්දී මේ අඩුව නැවත පුරවාගන්න පුළුවන්. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉවර වෙලා රටේ ආර්ථිකය ස්ථාවර වෙද්දී බැංකු හා මූල්‍ය අංශයත් නැවත හිස ඔසොවයි. ඒ වගේම, මුදල් ප්‍රත්පත්ති ලිහිල් වී, පොලී අනුපාතික අඩු වී, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යද්දී නිවාස හා දේපොළ වෙළඳපොළද යම් තරමකින් සක්‍රිය වෙයි. නමුත්, මධ්‍යම පංතිය මත වන බදු බර ඉහළ ගොස් ඇති පසුබිමක නිවාස හා දේපොළ සඳහා වන ඉල්ලුම ඉතා ඉක්මණින් පෙර මට්ටමටම පැමිණීමේ ඉඩක් පෙනෙන්න නැහැ. සමස්තයක් ලෙස ගත්තහම සේවා අංශයට කෘෂිකාර්මික අංශය තරම් පහසුවෙන් ගොඩ යා නොහැකි වුවත්, ගොඩ යන එක කාර්මික අංශයට වගේ අමාරු නැහැ.
සමස්ත චිත්‍රය දිහා බැලුවහම 2019දී හිටපු තැනට එන්නනම් මොන වගේ දේවල් ටිකක් සිදු විය යුතුද?
- සංචාරකයින්ගේ පැමිණීම 2019 මට්ටමට ඉහළ යා යුතුයි. මේ ඉලක්කයට ඉදිරි වසර තුළ යන්න බැරිකමක් නැහැ.
- බැංකු අංශය නැවත ද්‍රවශීල වී පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යා යුතුයි. ලබන වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගත්තොත්, 2024 තෙවන කාර්තුව වන විට මේ වැඩේ වෙලා තියෙයි.
- ආනයන සම්බාධක ඉවත් වී විදේශ අංශය නැවත සක්‍රිය විය යුතුයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගත්තොත්, මේ වැඩෙත් වෙනවා.
මේ ටික සිදු වුනොත්, 2019-2023 අතර පරතරයෙන් බාගයක් පමණ දක්වා පියවෙන්න පුළුවන්. නමුත්, ඉතිරි බාගය පියවෙන්නනම් ඉදිකිරීම් අංශයත් 2019 මට්ටමට පැමිණිය යුතුයි. වසරක් වැනි කාලයක් ඇතුළත එය සිදු වීමේ ඉඩක් නැහැ. සමහර විට වසර ගණනාවක් යන තුරු මේ වැඩේ වෙන එකක් නැහැ. ඒ වගේම, බැංකු අංශය ද්‍රවශීල වුනත්, රටේ ඉහළ හා පහළ මධ්‍යම පාන්තිකයින්ගේ මූර්ත ආදායම් පහත වැටී, බදු බර ඉහළ ගොස් තිබෙන පසු බිමක 2019ට පෙර කාලයේ මෙන් පෞද්ගලික ඉදි කිරීම් සිදු වන එකක් නැහැ. ඉඩම් විකිණෙන එකක් නැහැ. ඒ වගේම, සම්බාධක ඉවත් කළත් ඒ කාලයේ තරමටම වාහන ආනයන සිදු වෙන එකක් නැහැ.
ආර්ථිකය කඩා වැටෙන්න කලින් මේ දේවල් සිදු වුනේ දරාගත හැකි සීමාවට එහායින්. වැඩි වැඩියෙන් විදේශ ණය නොගෙන නැවත ඒ තැනට යන්න බැහැ. ඒ වගේම, රජයට කලින් වගේ වසරින් වසර වැඩි වැඩියෙන් විදේශ ණය ගන්නත් බැහැ.
ඒ කියන්නේ, රටේ ආර්ථිකය දැන් තියෙන තැනම හිර වෙලා තියෙනවා කියන එක නෙමෙයි. මේ අවුරුද්දට සාපේක්ෂව ඉදිරි අවුරුද්ද වෙද්දී මිනිස්සු වැඩියෙන් ගෙවල් හදයි. වාහන ගනියි. නමුත් 2019 මට්ටමට යන්න යම් කාලයක් ගත වෙයි. 2019ට සාපේක්ෂව 2023 තෙවන කාර්තුවේ මට්ටම 13.9%ක් පසුපසින් කියා මුලින් කිවුවනේ. වැඩිම වුනොත් ඔය වෙනසින් බාගයක් පමණ ඉදිරි වසර තුළ පියැවෙයි. සමහර විට එය මෙම පරතරයෙන් තුනෙන් එකක් පමණ වෙන්නත් පුළුවන්. පරතරයෙන් ඉතිරි බාගය හෝ තුනෙන් දෙකත් පුරවා ගන්නනම් ඉදි කිරීම් වැනි ගොඩගන්න අමාරු ක්ෂේත්‍ර වල අඩුවත් සංචාරක කර්මාන්තය වැනි ගොඩ දාගන්න ලේසි ක්ෂේත්‍ර වලින් අල්ලා ගන්න වෙනවා. එහෙම කරලා 2019දී හිටපු තැනට එන්න අවුරුදු තුනක්වත් යයි.
ඔය අතරේ ජනතා හිතවාදී කියාගෙන ඇවිල්ලා බදු කප්පාදු කරන්නයි, රාජ්‍ය සේවය පුලුල් කරන්නයි, අයිඑමෙෆ් රකුසගෙන් ගලවා ගන්නවයි කියලා සුරංගනා පොරොන්දු දෙන ආණ්ඩුවක් මාරු උනොත් තව වටයකින් ගෝඨාබය 2 බලා ගන්න පුලුවන්... -MAYYA
ReplyDeleteසිරාවටම
Deleteහිර වෙලාද හොර වෙලාද රට- තේරෙන්නැතිය මට
ReplyDeleteනුහුරට වගෙයි හැමදේමත් පෙනෙනවිට
විළි ලාලා කන්දක් තරමට උසට
වදන්නේම මී පැටවුන් කරුමයට!
නිමල්ගේ අසනීපය නිසා නුහුරට පෙනෙනවද
Deleteඉකොනෝ ඇත්තටම ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය ගැන කතා කරන කොට මට මතක් වෙනව ඇමරිකා එක්සත් ජනපද යුධ වීරයෙකු සේ සැලකුම් ලබන ඇමරිකානු නාවික සීල් බලකායේ ස්නයිපර් වෙඩිකරු ක්‍රිස්ටෝපර් කයිල් (Chris Kyle) ගේ ජීවිත කතාව අළලා නිර්මාණය කල "American Sniper (2014) චිත්‍රපටයේ මුල් මිනිත්තු කිහිපයේදී දක්නට ලැබෙන දර්ශනයක සීදුවීම් පෙළක්,
ReplyDeleteඑම කතාවේ එන විදියට ඉරාකයේදී ආක්‍රමණික ඇමරිකානු හමුදාවන් එක පෙරමුණකදී යුධ ටැංකියක් පෙරටු කරගෙන සෙබළුන් පිරිසක් ඉදිරියට ඇදෙන අතරෙදි එම පිරිසට කවරින් ෆයර් සහ ඩිස්ටන්ට් සපෝට් ප්‍රෝටෙක්ෂන් ලබාදීමට ස්නයිපර් සෙබල ක්‍රිස් කයිල් තම සහයකයා සමඟ ස්ථානගතව සිටියි. එහිදී එම වීථියේ වූ ගොඩනැඟීල්ලක කුඩා දොරටුවක් විවෘත වී තරුණ කාන්තාවක් සහ කුඩා දරුවෙකු පිටතට පැමිණෙනු පෙනෙයි.
එම තරුණ කාන්තාව තම ඇඳුම තුල කිසිවක් සඟවාගෙන සිටින බව සෙබළුන් දෙදෙනාගේ නිරීක්ෂණයට ලක්වෙයි. එවිට එම කාන්තාව අත ඇත්තේ රුසියාවේ නිෂ්පාදනය කල RKG-3 යුධ ටැංකි නාශක අත්බෝම්බයකි.ඇය එය දරුවා අතට ලබාදෙයි.කුඩා දරුවා එම අත්බෝම්බය අතැතිව යුධ ටැංකිය සමඟ ඉදිරියට පැමිණෙන හමුදා පිරිස දෙසට දිව එයි. එවිට ක්‍රිස් කයිල් දරුවාගේ හදවතම ඉලක්ක කර දැඩි වෙඩි පහරක් තබයි. කෂණිකව ඇද වැටුණු දරුවාගෙන් ලබාගන්නා බෝම්බය රැගෙන ඉදිරියට දිව එන කාන්තාවට ඊළඟ මරණීය වෙඩි පහර එල්ල වනවිට චිත්‍රපටයේ මේ දසුන දකින සැමවිටම ක්‍රිස් කයිල් නම් ස්නයිපර් කරුවා දරුවාට මාරාන්තික නොවන වෙඩි පහරක් එල්ලකර ඔහුව නවතන්නට උත්සහ නොකළේ මන්දැයි අපට සිතෙයි.මෙම දසුන සැබෑවට සිදුවුන අමානුෂික එකක් වුවත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයා වූ සුප්‍රකට රංගනවේදී ක්ලින්ට් ඊස්ට්වුඩ් ( Clint Eastwood) තම සිනමා නිර්මාණයේදී ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ එම දසුනයි.
ඇමරිකන් ස්නයිප චිත්‍රපටයේ ක්‍රිස් කයිල්ගේ වෙඩි බලයේත් ඉලක්කගැනීමේත් හැකියාව මැනවින් නිරූපණය කරන අතරම යුද්ධයේදී ඔහු මුහුණ දෙන දැඩි ආතතිමය සිදුවීම් හේතුවෙන් සිදුවන මානසික ප්‍රශ්ණයක් වන PTSD (Post Trauamtic Stress Dsisorder) පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව) නම් තත්වයෙන් පෙලෙන බව පෙන්වීමටද චිත්‍රපට අධ්‍යක්ෂක වරයා උත්සුක වෙයි.
ඇත්තටම එබඳු බිඳවැටුනු මානසික තත්ත්වය හේතුවෙන් ඔහුගේ විවාහ බැඳීම ඇතුළු පෞද්ගලික ජීවිතයේ ඇතිවන බරපතල බිඳ වැටීම් සහිත බරපතල තත්ත්වය එම චිත්‍රපටය තුල මනාව නිරූපණය වෙයි.
ක්‍රිස් කයිල් 1999 -2009 දක්වා වූ දසවසරක හමුදා සේවයෙන් විශ්‍රාම යනුත් ඔහුගේ ජීවිතය වසර 38 කින් අවසන් වන්නේ විශ්‍රාමික යුධ සෙබලෙකුගේ මාරාන්තික වෙඩි පහර කිහිපයකිනි.
එයට හේතුව අප පැවසූ "PTSD" තත්වයෙන් පෙළුණු බව සඳහන් වන තවත් ඇමරිකානු සෙබළකු වන Eddie Ray Routh නම් හිටපු යුධ සෙබලා විසින් වෙඩි පිටියකදී සිදුවන පුහුණුවක් අතරේදී ක්‍රිස් කයිල් සහ ඔහුගේ මිතුරෙකු වන චැඩ් ලිට්ල්ෆීල්ඩ් යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කරන්නේ 2013 වසරේ පෙබරවාරී මස 2 වන දා වන අතර එම ඝාතකයා ඉන්පසුව මානසික ප්‍රතිකාර සහිත ඇප නොලැබෙන ජීවිතාන්ත සිර දඬුවමකට යටත් කොට ඇත.
මෙතනදී ක්‍රිස් කයිල් විශ්වාස කලේ විශ්‍රාමික හමුදා සෙබළුන් මුහුණදෙන PTSD තත්වය සමනය කරන්න පුලුවන් වෙන්නෙ ඔවුන්ට නැවත ආයුධ සහිතව යුධමය අත්දැකීම් ලබාදීමෙන් කියලා. ඒකයි ඔහු පුහුණු කිරීම් ආදිය පටන්ගන්නෙ. නමුත් ආරම්භක හමුවෙදිම වගේ පුහුණුවට ආපු තවත් එබ්ඳුම විශ්‍රාමික හමුදා සෙබළෙක් ඔහුට නොනවත්වා වෙඩි තියනවා මියයනතෙක්ම
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙඩි තැබීම් සෑහෙන්න වාර්තා වෙනවා. ඒකට හේතුව ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් එයට ලබාදීලා තියෙන නිදහස වියයුතුයි. ඒක සෑහෙන්න පාවිච්චි කරලා අපරාධකරුවන්, හොඳ මානසික තත්වයක නැති අය, අනෙක් ජාතීන්ට වෛර කරන අය වගේම සුදු උත්තරීතරත්වය මුදුනෙ තියන් ඉන්න අයත් මේක සෑහෙන්න දරුණු විදියට පාවිච්චි කරනවා. මේ චිත්‍රපටිය ඒ මනෝභාවයත් විවේචනය කරනවා. මම හිතන්නේ ඉකොනෝටත් මේක වෙන විදියකට අදාළ බවයි. ඔබට වැටහුණාද මගේ අදහස?
නෑ. තේරුණේ නැහැ.
Deleteමේ දෙකේ සම්බන්ධය පැහැදිලි කරන්න බලන්න.
Delete