කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ගෙවුණු ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා.
ආහාර උද්ධමනය 94.9% සිට 85.6% දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% සිට 56.3% දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
උද්ධමනය යනු පාරිභෝගික මිල දර්ශකයේ, එනම් සමස්ත මිල මට්ටමේ, වසරක් තුළ සිදුව ඇති වැඩිවීමයි. උද්ධමනය අඩුවීම යන්නෙන් මිල වැඩි වීමේ වේගයේ අඩුවීමක් මිස මිල අඩුවීමක් සාමාන්‍යයෙන් අදහස් වන්නේ නැහැ. එහෙත්, පසුගිය ඔක්තෝබර් මාසය තුළ මිල මට්ටමේද අඩුවීමක් දැකිය හැකිවීම විශේෂ කරුණක්. පහත පෙන්වා ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස් වීමයි.
2022 ජනවාරි - 2.4%
2022 පෙබරවාරි - 1.1%
2022 මාර්තු - 3.0%
2022 අප්‍රේල් - 9.3%
2022 මැයි - 8.3%
2022 ජූනි - 12.8%
2022 ජූලි - 4.5%
2022 අගෝස්තු - 2.5%
2022 සැප්තැම්බර් - 3.8%
2022 ඔක්තෝබර් - (-0.4%)
මේ අයුරින් කොළඹ නාගරික ප්‍රදේශ වල සමස්ත මිල මට්ටම 0.4%කින් පහළ ගොස් ඇත්තේ ආහාර මිල 2.0%කින් පහළ යාමේ හා ආහාර නොවන මිල ගණන් 0.7%කින් ඉහළ යාමේ සංයුක්ත ප්‍රතිඵලය ලෙසයි. මාසය තුළ සහල්, සීනි, අර්තාපල්, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහළ ගොස් ඇති අතර පැට්‍රෝල්, ඩීසල් හා ගෑස් මිල ගණන් වලද අඩුවීමක් සිදු වුනා.
නිල උද්ධමනය සේ සැලකෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනයයි. කොළඹ මිල ගණන් රටාව අනුව, තවත් සති තුනකින් පසුව ප්‍රකාශයට පත් වීමට නියමිත මෙම අගයෙහිද යම් පහළ යාමක් අපේක්ෂා කළ හැකියි.
පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කළ පොලී අනුපාතික ඉහළ දැමීම මේ අයුරින් අධි-උද්ධමන තත්ත්වයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටි ආර්ථිකයේ අයහපත් ප්‍රවණතා ආපසු හැරවීමට ප්‍රධාන වශයෙන්ම දායක වූ අතර තාවකාලිකව පියවරක් ලෙස විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟතාවයක් ඇති කර ගැනීම මෙන්ම එම වැඩ පිළිවෙල යටතේ බදු ඉහළ දැමීමද මෙසේ තත්ත්වය හොඳ අතට හැරවීමට උදවු වී තිබෙනවා. මහජන නැගිටීම නොවන්නට මේ ආපසු හැරවීම මේ අයුරින් සිදු නොවී අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවිය හැකිව තිබුණා.
බැලූ බැල්මටම පෙනෙන්නේ බදු වැඩි කරන විට බඩු මිල ඉහළ යන බව වුවත්, එහිදී ඇත්තටම වෙන්නේ සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය පහළ ගොස් බඩු මිල වැඩි වීම නැවතීමයි. මෙහි වාසිය වැඩි වශයෙන්ම ලැබෙන්නේ අඩු ආදායම්ලාභීන්ටයි. කෙසේ වුවද, පසුගිය අප්‍රේල් මාසය පමණ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් මුදල් සැපයුමේ සිදු වූ ඉහළ යාමේ බලපෑම ඉවත් වීමට තවත් යම් කාලයක් අවශ්‍යයි. 2023 මාර්තු පමණ දක්වා උද්ධමනය යම් තරමකින් අඩු වීමට නියමිත නමුත් තව දුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති ඇති අතර 2023 අප්‍රේල්-ජූනි මාස තුන අතර උද්ධමනයේ වේගවත්, විශාල පසුබැසීමක් අපේක්ෂා කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුරදර්ශි ක්‍රියාකලාපය නිසා අද වෙන විට රටේ භාණ්ඩ මිල යම් යම් ආකාරයකට පහල යමින් පවතිනවා. භාණ්ඩ මිල වැඩි උනාට සාපේක්ෂව කුඩා ගණනකින් තමයි අඩු වීම සිදු වන්නේ. ඒත් ඒකත් සහනයක් මිනිස්සුන්ට මේ වෙලාවේ.
ReplyDeleteහැබැයි ඉතින් මේ වගේ නිවුස් දකිද්දී ජේවීපී, පෙරටුගාමී, සජබේ නඩේට නං ඉවස්සන්න බැහැ. ඉකොනෝගේ ෆේස්බුක් පේජ් එකෙත් එහෙම සෙට් එකක් ඇවිත් ඉකොනෝගෙනුත් ගේම ඉල්ලනවා මම දැක්කා.
හොඳ ප්‍රවනතාවයක්. මේ තත්වය සස්ටේනබල්ද තාවකාළිකද? Thanks.
ReplyDeleteඑය තීරණය වෙන්නේ සලකා බලන කාල රාමුව අනුව. අඩුවීමේ ප්‍රවණතාව අඩු වශයෙන් මාස නවයක් පමණ යන තුරු තිරසාරයි. වෙනසක් වෙන්නේ අනපේක්ෂිත බාධකයක් ආවොත් පමණයි. ඒ අතර, නැවත කිසියම් මාසයක් තුළ සුළු වැඩි වීමක් වෙන්න බැරි නැතත් එවැනි වැඩිවීමක් ඊළඟ මාසයේදී ආපසු හැරෙනවා. දිගුකාලීනව සිදු වන දෙය සාධක ගණනාවක් මත තීරණය වෙනවා. හැම දෙයක්ම සැලසුම් කර ඇති සේ සිදු වුනොත් ලබන වසරේ අගෝස්තු පමණ වන විට උද්ධමනය ගොඩක් පහළට පැමිණිය යුතුයි.
Deleteස්තූතියි ඉකෝන්. මන්ජු නිශ්ශන්ක කියන්නෙ තරමක වෙනත් අදහසක්. (https://www.youtube.com/watch?v=nywrh-oACZE&t=2539s) ඔබ සහ මන්ජු දෙදෙනාම ඇමරිකාවේ දිගු කලක් සිටි/සිටින ආර්ථික විද්‍යාව විශයේ ප්‍රවිනයන් නිසායි මෙය සඳහන් කරන්නේ. එකම ෆීල්ඩ් එකේ නිසා මන්ජු නිශ්ශන්ක ගැන ඔබ දන්නවාද? ඔහුගේ ලින්ක්ඩින් ප්‍රොෆයිල් එක ටිකක් අසම්පූර්ණයි, ඊට අමතරව (ඕපදූප නොවන) කිසිම බෑක්ග්‍රවුන්ඩ් ඉන්ෆෝ මට හොයාගන්නට බැහැ. මම කැමතියි ලාන්කික දේශපාළනයේ අළුත් දක්‍ෂයන් දකින්න. මම මන්ජුටත් කැමතියි, නමුත් ෂුවර් එකක් නැහැ කිසිම තොරතුරක් නොදන්න නිසා. ලාන්කික දේශපාළනයේ අළුත් මුහුණු - රසික ජයකොඩි, භාරත තෙන්නකෝන්, නාගානන්ද, පැතුම් කර්නර් ආදී- අයගේ අතීත දේශපාළනය ගැන විස්තර සොයා ගත හැකි උනත් මන්ජු නිශ්ශන්ක ගැන මොකුත් දන්නෙ නැහැ. මේක ඔබේ ලිපියට සම්පූර්ණයෙන්ම අදාළ නැතත් මෙතන සඳහන් කරන්නට හිතුනා. මන්ජු නිශ්ශන්ක ගැන දන්න කෙනෙක් ඉන්නවාද?
Deleteකිසිවකු පෞද්ගලිකව දන්නේ නැහැ. රසික ජයකොඩි, පැතුම් කර්නර් හා මන්ජු නිශ්ශන්ක සමස්තයක් ලෙස ආර්ථිකය සම්බන්ධව හොඳ දැක්මක් ඇති අය බව පේනවා. ඔවුන්ගේ ඇතැම් ලියැවිලි/ වීඩියෝ දැක තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ නිගමන හා විශ්ලේෂණ සමඟ 100%ක් එකඟ වන බව නෙමෙයි. ඔවුන් නිවැරදි "භාෂාවක්" කතා කරනවා. භාරත තෙන්නකෝන් ගැන දන්නේ නැහැ. නාගානන්දනම් නීතියේ පාලනය ගැන මිස ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැනේ.
Deletehttps://www.youtube.com/watch?v=WwzYgkfQJMo ස්තූතියි ඉකෝන්, ඔබ මේ කියන ට්‍රෙන්ඩ් එක ලෝකයේ ගොඩක් රටවල සිදු වෙච්ච දෙයක් නේද? මන්ජු ගෙ වීඩියෝ එකේ (link is given) 3.00 ඉඳල ටිකක් බලන්න. මේක ගණන්ගත යුතු ලන්කාවේ පමණක් වෙච්ච දෙයක් නෙමේ නේද
Deleteවීඩියෝ එකනම් බැලුවේ නැහැ. මම ඔබට පිළිතුරු දුන්නේ ට්‍රෙන්ඩ් එක බැලීම වගේ සරල පදනමකින් නෙමෙයි. මේ කියන ට්‍රෙන්ඩ් එක ලෝකයේ ගොඩක් රටවල පැවති දෙයක් කියන එක ඇත්ත. ඒ වගේම, ලංකාවේ ප්‍රතිපත්ති වල වැරැද්දක් නැතුව ලෝකයේ පැවති තත්ත්වයන් මත ලංකාවේ උද්ධමනය වැඩි වුනා කියන එක හා එම බලපෑම නිශේධනය වෙමින් තිබෙනවා කියන එකත් ඇත්ත. නමුත් ලංකාවේ උද්ධමනය මේ මට්ටමට ගියේ එම ලෝක තත්ත්වයන් නිසා නෙමෙයි. මුදල් ප්‍රතිපත්තිය නිසා. දැන් එය ආපසු හැරෙමින් තිබෙනවා.
Deleteමිනිත්තු 3 ආසන්න කොටස පොඩ්ඩක් බැලුවා. ඔහු එහි කියන්නේ උද්ධමනය ගැන නෙමෙයි. විණිමය අනුපාතය ගැන. ඒ කතාව හරි.
Deleteතියෙනවා නෙව ගොඩක් සැලසුම් ලංක දීපේ මදි නොවෙන්නම
ReplyDeleteඑහෙ බලල මෙහෙ බලන චුට්ටට වෙනස් වෙනවා එව්ව ඔක්කොම
බලය ගන්නයි, බලයෙ ඉන්නයි විතරමයි මේ GAME සේරම
හැබෑවට රට නඟන්නට කවදා හැදේවිද 'සුදුසු සැලසුම'
මෙම බ්ලොග් අඩවියේ ෆේස්බුක් ඔස්සේ බෙදා ගැනීමට බැරි ඇයි? මැසේජ් එකක් එනවනේ.
ReplyDeleteඅප විසින් මුල සිටම දිගටම කර තිබෙන්නේ ව්‍යාජ තොරතුරු එළිදරවු කර දැනුම බෙදා දීම වුවත් ව්‍යාජ තොරතුරු බෙදා හරිනවා කියලා රිපෝට් කර වාරණය කරලනේ තියෙන්නේ. ඔබට අවශ්‍යනම් http://economatta.blogspot.com/ කියන කොටසේ අකුරක් වෙනස් කර (econometta ලෙස) එහි පළ කළ හැකියි. එසේ නැත්නම් මේ ලිපියම වත්පොත් පිටුවේත් තිබෙනවා.
Deleteජවිපෙ කොහොමද වැඩ කරන්නේ
ReplyDelete(නලින්ද ජයතිස්ස සහෝදරයා ෆේස්බුක්හි තැබූ සටහනක්.
31/10/2022) බැංකුවේ ලාභය සේවකයින්ගේ දරුවන්ට බෙදන වරාය සමුපකාර බැංකුව...
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවක් තියෙනවා. ඒක පාලනය වෙන්නෙ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ සමුපකාර බැංකුව පාලනයට මුලින්ම සම්බන්ධ වෙන්නේ 2004 අවුරුද්දේ. ඒ වරාය සේවකයින්ගේ ඡන්දයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට හතරදෙනෙක් පත්වීමෙන්. ඉන්පස්සෙ 2006 වර්ෂයේදී වරාය සේවකයින්ගේ ඡන්දයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය බවට මේ වෘත්තීය සමිතියේ සාමාජිකයන් පත්වෙනවා. 2010 ඉඳන් අඛණ්ඩව වසර දහයක් සමුපකාර බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිතියේ සාමාජිකයන් පත් වෙන්නේ නිතරගයෙන්.
මේ සමුපකාර බැංකුව වාර්ෂිකව කරන ශිෂ්‍යත්ව ප්‍රදාන දෙකක් තියෙනවා. ඒ වරාය සමුපකාර බැංකුවේ සාමාජිකත්වය දරන වරාය සේවකයන්ගේ දරුවන් වෙනුවෙන්. එකක් ඒ වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට.අනෙක ඒ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිවූ සහ දැනටමත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන්ට. මේ ශිෂ්‍යත්ව ප්‍රදානයේ අවස්ථා තුනකට සහභාගි වෙන්න මටත් ආරාධනා ලැබුණා. තමන්ගේ අම්මා තාත්තා වරායේ වැඩ කරමින් රටට ඩොලර් උපයන අතරේ ඒ අය සමූපකාර බැංකුවේ තැන්පත් කරන මුදල්වල ප්‍රතිලාභ දරුවන්ට ලබා දෙනවා.
මෙවර ඒ තිළිණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය තිබුණේ නම වන වතාවට. 2012 අවුරුද්දේ 5 වසර දරුවන්ට ශිෂ්‍යත්ව 126ක් ලබා දීමෙන් ආරම්භ කරලා 2018 වන විට වනවිට ඒක 601 දක්වා වැඩි කරලා තිබුණා. ඒ කාලය තුළ පහ වසර දරුවන් 4983ක් වෙනුවෙන් ලබා දීපු ශිෂ්‍යත්වවල වටිනාකම රුපියල් මිලියන 66.5ක්. පසුගිය වසර නමය තුළ විශ්වවිද්‍යාල දරුවන් 2057ක් වෙනුවෙන් රු. මිලියන 36.5ක් වෙන් කරල තිබුණා. මේ වසරේදී විශ්වවිද්‍යාල දරුවන් 400ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. මමත් එක්ක මේ අවස්ථාවට සහභාගිවුණ සමුපකාර දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා මේ බැංකුවේ සියලු ලේඛන පරීක්ෂා කරලා හරි අපූරු දෙයක් එදා හෙළිදරව් කළා.
වරාය සමුපකාර බැංකුවේ වාර්ෂික ලාභයෙන් 62%ක්ම වරාය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පෙරළා යොදවනවා කියල කිව්වා. මේ ඉලක්කම ගැන ටිකක් පුදුම හිතිලා නැවත නැවත පරීක්ෂා කළා කියලත් කිව්වා. මේ වනවිට සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන්නේ නිරෝෂන් ගොරකානගේ සහෝදරයා. ඔහු ඇතුළු වරායේ ප්‍රගතිශීලී කඳවුර රටට ඩොලර් ගේන මේ රන් බිජු දාන කිකිළිය රැකගන්න සටන් කරන අතරේ සේවක සමූපකාරයක කදිම ආදර්ශයක් සමාජගත කරමින් ඉන්නවා. කලින් මේ කටයුත්තේ පෙරමුණ ගෙන හිටපු චන්ද්‍රසිරි මහගම ගේ සහෝදරයාත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ජවිපෙ කොහොමද වැඩ කරන්නේ කියලා අවංකව දැනගන්න උවමනාවක් තියෙන කෙනකුට වරාය සමුපකාර බැංකුවේ පසුගිය වසර 9 ක කාලය දිහා එබිලා බැලුවත් ඇති.
Ikono, සමාජවාදී ක්‍රමයේ සාර්ථක බවට මේක උදාහරණයක් නේද
ඉතා පැහැදිලිවම. සමාජවාදී ක්‍රමයකදී වෙන්නේ ආයතන පාලනය කරන අය සහ ඔවුන්ගේ දරුවන් එම ආයතන වල ප්‍රතිලාභ භුක්ති විඳීමයි. රට පාලනය කරන අයත් තමන්ගේ දරුවන්ට සැප දී අනාගතයේ ඔවුන්ව රජ කරවීම වෙනුවෙන් හැම දෙයක්ම කරනවා. ඒ වැඩේට සමාජවාදී ක්‍රමය ඉතාම හොඳයි!
Deleteඉකොනෝ,
Deleteබැංකුවේ මුදල් දමනා අයම ප්‍රතිලාභීන් වීමේ වරදක් තිබේද?
කොමෙන්ට් වෙරිෆෙෂන් මගුල අයින් කරන්නේ කවද්ද? ඉකොනොට අවශ්‍ය කොමෙන්ට් විතරයි පබ්ලිෂ් වන්නේ. සමාජවාදය හොදයිනේ බලං ගියාම.
Delete//බැංකුවේ මුදල් දමනා අයම ප්‍රතිලාභීන් වීමේ වරදක් තිබේද?//
Deleteනෑ. වැරැද්දක් නැහැ. ඕනෑම කෙනෙක් කටයුතු කරන්නේ තමන්ට කිසියම් ලාබයක් බලාගෙන. ඒකේ වැරැද්දක් නැහැ. සාමාන්‍ය මිනිස් ස්වභාවය.
//කොමෙන්ට් වෙරිෆෙෂන් මගුල අයින් කරන්නේ කවද්ද?//
Deleteදැනට එහෙම අදහසක් නැහැ.
//ඉකොනොට අවශ්‍ය කොමෙන්ට් විතරයි පබ්ලිෂ් වන්නේ. සමාජවාදය හොදයිනේ බලං ගියාම.//
අනවශ්‍ය කමෙන්ට් ඉවත් කරනවා කියන්නේ මට අවශ්‍ය කොමෙන්ට් විතරක් පබ්ලිෂ් කරනවා කියන එකම තමයි. සමහර විට ඔබ ඉවත් නොකළ යුතු කමෙන්ට් පමණක් දමන කෙනෙක් වෙන්න ඇති. නමුත් මට එය හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. වෙරිෆෙෂන් අයින් කරන්න කියන්නේ අපහාසාත්මක, අසභ්‍ය ප්‍රතිචාර දමන අයෙක්ම වෙන්න පුළුවන් නේද? දේශපාලන මතවාදය මත පදනම්ව හෝ මා ලියා ඇති දේවල් වලට එකඟ නොවීම නිසා ප්‍රතිචාර ඉවත් කර නැහැ. ජවිපෙ/පෙසපෙ විවේචනය කර දමා තිබුණු ප්‍රතිචාර කිහිපයක් පළ කළේ නැහැ. එම පක්ෂ වල ප්‍රතිපත්ති සම්බන්ධව මට විවේචන ඇතත් එවැනි විවේචන මිස අපහාසාත්මක දේ ප්‍රචාරය කරන්න අවශ්‍ය නැහැ.
මේ උද්ධමන පාලනය කෘතිමයි නේද? පොලී අනුපාතයන් අඩු කලොත් බැංකුවල තියන සල්ලි වෙළඳපොළට ඇවිල්ලා ආයෙත් උද්ධමනය වැඩිවේවි නේද? 30% පොලී අනුපාතයක් දීර්ඝ කාලයක් තියාගෙන ඉන්න බැහැ.
ReplyDelete//මේ උද්ධමන පාලනය කෘතිමයි නේද?//
Deleteඋද්ධමන පාලනය කෘතිම වන්නේ මිල පාලනය හරහා එය කළොත්. මේ අවස්ථාවේදී වෙනදා නොකළ මිල පාලනයක් සිදු වන්නේ නැහැ. විණිමය අනුපාතය පාලනය කිරීමේ කෘතිමකමක් තිබෙනවා.
//පොලී අනුපාතයන් අඩු කලොත් බැංකුවල තියන සල්ලි වෙළඳපොළට ඇවිල්ලා ආයෙත් උද්ධමනය වැඩිවේවි නේද? 30% පොලී අනුපාතයක් දීර්ඝ කාලයක් තියාගෙන ඉන්න බැහැ.//
පොලී අනුපාත අඩු කළොත් එහෙම වෙයි. නමුත් මහ බැංකුව එසේ කරයි කියා මම හිතන්නේ නැහැ. උද්ධමනය අඩු වූ පසු පොලී අනුපාතික පහළ දැමීම ප්‍රශ්නයක් නෙමෙයි.
ටිකක් හොඳයි වගේ නේද? නමුත් ලෝක ආර්ථික තත්වය ලංකාවටත් බලපාන නිශ අවදි බලාපොරොත්තු තියා ගන්න බැහැ
ReplyDeleteදුර්දාන්ත වික්‍රමසිංහ ආණ්ඩුව පලවා හැරීමට හෙට නොවැම්බර් 2 පැවැත්වීමට නියමිත අරගලයට සහය දෙනවාද
ReplyDeleteකුකුළු මස් මිල අඩුවෙන්නේ ඇයි ඉකොනෝ?
ReplyDeleteආර්ථික අර්බුධය කාලේ මේ රටේ ආර්ථික විද්‍යාඥයො පැල් බැඳගෙන බිහි වුනා.
ReplyDeleteඋන් කියන කතා කටපාඩමින් මතුරන මිනි සෝෂල් මීඩියා ඉකොනොමිස්ට්ලා අපේ ලිස්ට් වලත් සෑහෙන හිටියා.
ඒ කාලේ මුදල් ඇමති බැසිල් ඩොලරය කෘතීමව පාලනය කළා.
ඒ නිසා රටේ උද්ධමනය පාලනය වුනා. බඩු මිල පාලනය වුනා.
රට කඩා වට්ටන්න ඕන වුන ඇමෙරිකන් ආර්ථික ඝාතකයො මේ තීරණයට කුඩු වෙන්න ගැහුවා.
ඇමෙරිකාවෙන් පඩි ගන්න ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත්, ඊනියා ජාතිකවාදී දිලිත් ජයවීරගේ දෙරණට ගිහින් කිව්වා මේ රටේ විදෙස් මුදල් ප්‍රේෂණ අඩු වුනේ රුපියල අල්ලන් ඉන්න නිසා කියලා.
ඇමෙරිකාවෙන් පඩි ගන්න වෙරිටෙ රිසර්ච් මේ තීරණයට ගැහුවා.
මිනි ඉකොනොමිස්ට්ලා මේවා ඉහ මුදුනෙන් පිළිගත්තා.
සූට් එකක් ඇදලා මොකෙක් හරි කියන ඕන ගොන් කතාවකට මේ රටවල වැලිඩිටි එක වැඩියි. ඒක මේ රටේ මිනිස්සුන්ගේ චිත්ත ස්වභාවය.
CIA එක ධනනාත්ලා හදද්දි ඒවා හොදට යූස් කළා.
ඉතින් ඔය මතය ප්ලාන්ට් වෙලා සෙන්ට්‍රල් බෑන්ක් එක රුපියල අතෑරියා.
ඩොලර් එක සතියෙන් දෙගුණ වුනා.
බඩු මිල එක රැයෙන් දෙගුණ වුනා.
උද්ධමන චාර්ට්ස් කඩාගෙන උඩ ගියා.
මිනිස්සුන්ට පාරට බහින එක ඇරෙන්න විකල්පයක් නැති වුනා.
හැබැයි විදෙස් මුදල් ප්‍රේෂණ වැඩි වුනාද ?
නෑ!
විදෙස් මුදල් ප්‍රේෂණ තව තව අඩු වුනා.
ඇයි ඒ ?
විදෙස් මුදල් ප්‍රේෂණ අඩු වුනේ රුපියල අල්ලන් ඉදපු නිසා නෙවෙයි.
මේ රටට සල්ලි එවපු විදෙස්ගත ශ්‍රමිකයො 50%කට වඩා පිරිසකට කොවිඩ් නිසා රස්සා අහිමි වුනා. බාගයක් ආපහු ලංකාවට ආවා.
ලංකාවට අහිමි වුනේ අන්න ඒ ආදායම.
ඒ ආදායම අහිමි වීම රුපියල අල්ලාගෙන සිටීම නිසා ඇතිවූවාක් යැයි කියලා පෙන්නන්න CIA එකට පුලුවන් වුනා.
ඒ උන්ගේ දක්ෂතාවය.
අපේ රටේ 99%ක් ඇම ගිල්ලා.
ඒ උන්ගේ මෝඩකම..
දැන් ඒ ඇමෙරිකාවෙන් පඩි ගන්න ධනනාත්ම ඛණිජ තෙල් සංස්ථාව ඇමෙරිකන් සමාගමකට දෙන්න කියලා වොයිස් කට් දිදී යනවා. (ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කළ යුතුයි, නමුත් ටෙන්ඩර් නොමැතිව සෘජු ඇමෙරිකානු සමාගම් සමග නෙවෙයි)
අමාරුම කාලයක තිත්ත, ජනප්‍රියවාදි නොවන එහෙත් 100%ක් නිවැරදි තීරණ ලබා ගත් බැසිල් රාජපක්ෂ දිනෙක ඉතිහාසය විසින් නිදොස් කෙරෙනවා.